logo
Info Sri Lanka | www.infosrilanka.lk

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම යටතට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (16) පස්වරුවේ බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බවයි.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවයක් පවතින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් රැස්වීමට සහභාගී වූ මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

කෙසේ වෙතත් මීට පෙර පැවති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට අනුව එම විශ්ව විද්‍යාලය අයත් වූයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතටයි.

පනත් කෙටුම්පතේ පවතින ඇතැම් වගන්ති හේතුවෙන් මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලවන බව පවසමින් විවිධ පාර්ශවයන් පසුගිය කාලය පුරාවටම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට සිය විරෝධය පලකළා.

පනත නැවත පාර්ලිමේන්තුවට ගේනවා – විමල්

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධන සහිතව නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසුවේය.

අද (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

ඒ ගැන මේ වන විට සංවාදයක් මතුව ඇත්තේ මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ අණ පනත් කිහිපයක් එකම පනතක් ලෙස ඉදිරිපත් වීමෙන් පසුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රජයේ ආයතනයක් වන අතර එය පෞද්ගලික ආයතනයක් ලෙස ගැනීම වැරදි බවයි ඔහු ප්‍රකාශ කළේ.

”කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය කියන්නේ පෞද්ගලික ආයතනයක් නෙවෙයි ඒක රජයේ ආයතනයක්. ඒ ආයතනයට අදාළව මෙතෙක් කල් ක්‍රියාත්මක වුණ අණ පනත් කිහපයක් තිබුණා. ඒ කිහිපයක තිබෙන වගන්ති එක පනතකට ගෙන ඒම කරලා තියෙන්නේ. එක පනතකට ගෙන ඒම මගින් තමයි මේ සංවාදය,සාකච්ජාව මතුවෙලා තියෙන්නේ. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඇතැම් පාර්ශවයන්ගේ ඉල්ලීම මත ඒ පනත සම්මත කිරීම වළකනු ලැබුවා. ඉදිරි දිනකදී ඒ පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි. ඊට පෙර පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ජා කරලා සුදුසු සංශෝධන සහිතව තමයි ඒ පනත නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසන ලදී.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator

පාඩු පිට පාඩු ලබන ශ්‍රීලන්කන් යානාවල ස්ටිකර් ඇලවීමට කෝටිගණනක වියදමක්

administrator