fbpx

කිරිපිටි ආනයනයත් නවතියි: ගෑස් ප්‍රශ්නය තවත් ඇදෙයි

BusinessHot

ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා තිබේ. එම කිරිපිටි සඳහා සමගම විසින් ඉල්ලා තිබෙන මිල වැඩිවීම තවදුරටත් ලබා නොදීම නිසයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

පාරිභෝගික අධිකාරිය හෝ වෙළෙඳ අමාත්‍යාංශය මෙම මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අවදානය යොමුකර නැති බවයි එම සමාගම් සඳහන් කරන්නේ.

ඒ අනුව තවදුරටත් පාඩු ලැබිය නොහැකි හෙයින් එලෙස ඇනවුම් කිරීම අත්හිටුවා ඇත.

පවතින තත්ත්වය මත සමාගම් සතුව තිබෙන කිරිපිටි තොග වෙළෙඳපොළට නිකුත් කිරීම 65%කින් පමණ අඩුකිරීමටද සමාගම් කටයුතු කර තිබේ.

එමෙන්ම රට තුළ කිසිසේත් කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත් කිරිපිටි මිල වැඩිකිරීමේ අපේක්ෂාවක් නැති බවත් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.

ලබන සතියේ විසඳුම් දෙන බව ඇමති කියයි

මේ අතර වෙළෙඳපොළේ ගෑස් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වයට ලබන සතිය ඇතුළත ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීම ‍හමුවේ,ගෑස් පාර්භෝගිකයින්ගෙන් 20% ක් පමණ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

මෙහිදී වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති නොවීම සඳහා ලිට්රෝ ගැස් සමාගමේ දෛනික ගෑස් සිලින්ඩර් අලෙවිය අසු දහසේ සිට ලක්ෂය දක්වා වැඩි කිරිමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Leave a Reply