Info Sri Lanka | www.infosrilanka.lk

මහ බැංකු අධිපති කළකිරීමෙන් ඉල්ලා අස්වේ: හිස් වූ ධූරයට නව කැබිනට් බලයක් සහිතව කබ්රාල් එයි

තම 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුනද පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කරමින් එලැඹෙන 14වනදා තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව W.D. ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු පවසන අතර තමන් මෙතෙක් තම හෘදය සාක්ෂියට එපිටින් වැඩකටයුතු කර නොමැති බවද තමා වෙහෙස වී කටයුතු කළත් තමන්ගේ පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා පවසයි.

ධුරයෙන් ඉවත් වන්නැයි ආණ්ඩුව බලපෑම් කළේ දැයි විමසූ අවස්ථාවේ දී අධිපතිවරයා ඊට නිශ්චිත පිළිතුරක් නොදුන් අතර තමන් විවෘත වීමට සූදානම් යැයි සිතුණු කලෙක මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන බව ද වැඩිදුරටත් කීවේ ය.

මේ අතර මහ බැංකු අධිපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් ලැබුණු අතර තමන් එය මේ පිළිගෙන තිබෙන හෙයින් අතර ඉදිරි දිනකදී තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ පසු මහ බැංකු අධිපති ධූරයට පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත් අනතුරුව වසර අටකට වැඩි කාලයක් අධිපති ලෙස සේවය කළ මහා බැංකුවට නැවත වරක අධිපති ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වෙන බවයි කබ්රාල් මහතා සඳහන් කරන්නේ.

මෙහිදී ඔහු කැබිනට් බලතල සහිත තනතුරක් බලාපොරොත්තු වීමට හේතුවද පැහැදිලි කරන ලදී..

”මේ අවස්ථාව ටිකක් අමාරු අවස්ථාවක්. ලෝකයත් එක්ක අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක මහ බැංකු අධිපතිවරයාට එවැනි ශ්‍රේණියක් රටේ තිබෙනවා නම් ඒ කතාවන් ක්‍රියාවන් ලෝකයේ පිළිගැනීමට ලක්වෙනවා. රටට එකෙන් ලැබෙන වාසිය වැඩියි කියලයි මම හිතන්නේ. එවැනි පිළිගැනීමක් එම තනතුරට ලැබෙනවා නම් හොදයි කියල තමයි මම හිතන්නේ. ඒ නිසා තමයි එවැනි තත්ත්වයක් ඇතිකරන්න කියල ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරලා තියෙන්නේ. එය කරාවි. එය අත්‍යවශ්‍යයි.”

එමෙන්ම ලොව බොහෝ රටවල මහ බැංකු අධිපති ධූරය කැබිනට් ඇමති ධූරයට සමාන තත්ත්වයේ පවතින බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related news

සජිත්ගේ වැඩ නිසා සජබ කොටස් පහකට කැඩෙයි: දහයක් රනිල් ළඟ: චම්පික ලඟත් කොටසක්

administrator

NMRA දත්ත මකාදැමීම ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක්: නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියයි

administrator

මනූෂගේ සැලැස්ම ඖෂධ මාෆියාවෙන් පෞද්ගලික සමාගමක් සුද්ධ කරන්න ද?

administrator

රජරට ගොවියන් අවතැන් කරන්න අක්කර ලක්ෂයක් කොම්පැනියකට දීලා!

administrator

බැසිල්ගේ සල්ලි බෙදිල්ල ඇරඹේ: සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 03ක්

administrator

කෙරවලපිටිය ඇමරිකාවට දුන්නා තමයි: විදුලිබල ඇමැති කියයි

administrator