කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් තවත් ඇමරිකානු සමාගමක හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. එක්සත් ජනපදයේ Complete Transport System LLC සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය මෙලෙස එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් අත්පත් කරගෙන ඇත්තේ සිය අනුබද්ධිත සමාගමක් වන සිංගප්පූරුවේ EFL Global Logistics (Pte.) Ltd හරහා යි.
පසුගිය සැප්තැම්බර් 08 දින එක්සත් ජනපද ඩොලර් මිලියන 6.1 කට මෙම ව්‍යාපාර මිල දී ගැනීම සිදුකර තිබේ.
Complete Transport System LLC යනු එක්සත් ජනපදයේ බන්ධිත බහාලුම් භාණ්ඩ ප්‍රවාහන (Bonded Container Freight Station) සහ ට්‍රක් රථ සේවා සපයන සමාගමකි.
පසුගිය මාස හය තුළ එක්ස්පෝලංකා විසින් ඇමරිකානු සමාගම් අත්පත් කරගත් තුන්වන අවස්ථාව මෙයයි.
2021 අගෝස්තු 10 දින ඇමරිකානු ඩොලර් මිලියන 9.7 ක ආයෝජනයකින් එක්සත් ජනපදය මූලස්ථානය කරගත් මධ්‍යම ඇමරිකානු ලොජිස්ටික් සමාගමක් වන IDEA Logistics LLC අත්පත් කර ගත් අතර 2021 මාර්තු 01 දින එරට ලොජිස්ටික්ස් ව්‍යාපාරයේ නිරත සමාගම් 3 ක් වූ Seville Container Freight Station Inc., Seville Freight Systems Inc., සහ Seville Transfer Ltd මිල දී ගැනීමට කටයුතු කර තිබුණි. මේ සඳහා ආයෝජනය කළ මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.2 කි.
එක්ස්පෝලංකා හි මෙහෙයුම් දැනට රටවල් 29 ක නගර 60 කට අධික සංඛ්‍යාවක් පුරා පැතිරී ඇති අතර එය ගෝලීය සැපයුම් කර්මාන්තයේ සැබැවින්ම ශ්‍රී ලාංකික බහුජාතික ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.