Info Sri Lanka | www.infosrilanka.lk

මොබයිල් ෆෝන් මිලට අපමණ අගයක්: Apple iPhone මිල මිලියන බාගයයි

බොහෝ ජංගම දුරකථන අලෙවිකරණ සමාගම් ජනප්‍රිය වෙළෙඳ නාම සහිත ජංගම දුරකථන මිල ගණන් විවිධ ප්‍රතිශතවලින් ඉහළ දමා තිබේ.

ඉතාම අඩු ධාරිතාවයක් ඇති ඇතැම් ජංගම දුරකථනවල මිල ගණන් රුපියල් 5,000ත් 7,000ත් අතර මුදලකින් මිල ඉහළ ගොස් ඇත.

මධ්‍යම ප්‍රමාණයේ ධාරිතාවයක් ඇති ජනප්‍රිය වෙළෙඳ නාම සහිත ජංගම දුරකථනවල මිල රුපියල් 10,000ත් 15,000ත් අතර ගණනකින් මිල වැඩි වී තිබේ.

අදාළ ජංගම දුරකථන සමාගම්වල ගත වූ සති කිහිපයේ සහ වර්තමානයේ මිල ගණන් සැසඳීමෙන් ජංගම දුරකතන මිල ඉහළ යාමේ ප්‍රතිශතය හඳුනාගත හැකිය.

මේ අතර, අබාන්ස් ආයතනය විසින් අලෙවි කරනු ලබන iPhone 12 Pro Max (Graphite 512GB) හා iPhone 12 Pro Max – (Silver 512GB) රුපියල් ල්ක්ෂ 5කටත් වඩා වැඩි මුදලකට (මිලියන බාගයකට වඩා වැඩි මුදලකට) මිල කර තිබේ.

එම මාදිලියේ ජංගම දුරකථන මිල පසුගිය දින කිහිපයේදී රුපියල් ලක්ෂයකින් පමණ ඉහල ගොස් ඇති අතර ලබන 15 වැනිදා සිට මේ මිල තවත් ඉහල යනු ඇතැයි එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම ඇපල් වර්ගයේ ටැබ් පරිගණක හා පරිගණක මාදිලි බොහොමයක තොගද අවසන්ව ඇති බව පැවසේ.

Related news

සජිත්ගේ වැඩ නිසා සජබ කොටස් පහකට කැඩෙයි: දහයක් රනිල් ළඟ: චම්පික ලඟත් කොටසක්

administrator

NMRA දත්ත මකාදැමීම ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක්: නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියයි

administrator

මනූෂගේ සැලැස්ම ඖෂධ මාෆියාවෙන් පෞද්ගලික සමාගමක් සුද්ධ කරන්න ද?

administrator

රජරට ගොවියන් අවතැන් කරන්න අක්කර ලක්ෂයක් කොම්පැනියකට දීලා!

administrator

බැසිල්ගේ සල්ලි බෙදිල්ල ඇරඹේ: සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 03ක්

administrator

කෙරවලපිටිය ඇමරිකාවට දුන්නා තමයි: විදුලිබල ඇමැති කියයි

administrator