Info Sri Lanka | www.infosrilanka.lk

ඖෂධ අධිකාරියේ දත්ත මකාදැමීම පිටිපස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්! [Exclusive]

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම මෑතකාලීනව දැඩි ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් විය. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පසුගියදා (අගෝස්තු 30) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු පැවසුවේ, “ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක් සකස් කිරීම 2018 වසරේ සිට ආරම්භ කළා. ඖෂධ ඇනවුම් කිරීම, ඖෂධ ගබඩා කිරීම ඇතුලු සියලු තොරතුරු එයට ඇතුළත් වුණා. ඖෂධ මාෆියාව පාලනය කිරීමටත් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට මෙය උදව් වුණා. ඖෂධ මාෆියාව නැවත හිස ඔසවමින් තිබෙනවා.” යන්නයි.

විපක්ෂය එලෙසින් ආණ්ඩුවට චෝදනා එල්ල කරන අතරතුරදී මේ වනවිට අනාවරණය වෙමින් තිබෙන්නේ මේ දත්ත මකාදැමීම පිටුපස විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සිටින බවයි.

දැවැන්ත මුදල් වාසි හිමිකර ගැනීම මොහුගේ අරමුණ වී තිබූ බවත් ඔහු කලක් ආණ්ඩුවට හිතවාදීව කටයුතු කළ බවත් පැවසේ. මේ සිද්ධිය පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කිරීමට Info Sri Lanka අපි සුදානම්.

Related news

සජිත්ගේ වැඩ නිසා සජබ කොටස් පහකට කැඩෙයි: දහයක් රනිල් ළඟ: චම්පික ලඟත් කොටසක්

administrator

NMRA දත්ත මකාදැමීම ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක්: නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියයි

administrator

මනූෂගේ සැලැස්ම ඖෂධ මාෆියාවෙන් පෞද්ගලික සමාගමක් සුද්ධ කරන්න ද?

administrator

රජරට ගොවියන් අවතැන් කරන්න අක්කර ලක්ෂයක් කොම්පැනියකට දීලා!

administrator

බැසිල්ගේ සල්ලි බෙදිල්ල ඇරඹේ: සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 03ක්

administrator

කෙරවලපිටිය ඇමරිකාවට දුන්නා තමයි: විදුලිබල ඇමැති කියයි

administrator