Info Sri Lanka | www.infosrilanka.lk

ඖෂධ නියාමන අධිකාරිය සතු මහජන දත්ත පුද්ගලික මොබයිල් කොම්පැණියකට දීලා: වැඩි විස්තර මෙන්න.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධ මගඩිය මෑතකාලීනව මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියකි. මාධ්‍ය මගින් අනාවරණය නොකළා නම් මේ සිද්ධිය යටයන්නට තිබුණි. මේ ගැන තවත් තතු අනාවරණය වෙමින් පවතියි. විදේශයක සැලකිය යුතු කොටස් හිමි දුරකථන සමාගමක් ද මේ සිද්ධියට සම්බන්ධ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

මේ කුමන්ත්‍රණයට රාජ්‍ය නිළධාරීන් පවා සම්බන්ධ බවත් විදේශයකට පවා හෙළිදරව් නොවිය යුතු මේ සංවේදී තොරතුරු ඖෂධ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන්ට ලබාදීමට මේ පිරිස එක්වී කටයුතු කළාද යන්න ගැන විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ.

ඖෂධ ඇනවුම් කිරීම, ඖෂධ ගබඩා කිරීම ඇතුලු සියලු තොරතුරු මෙම දත්ත පද්ධතියේ අන්තර්ගතව තිබී ඇති අතර මේ දත්ත පද්ධතිය දෙසතියකට අධික කාලයක් තිස්සේ බිඳ වැටී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන වලදී තහවුරු විය. අද වනවිට යම් යම් සීමාකම් යටතේ වුවත් රජයේ තොරතුරු ගැන විමසීමේ හැකියාව තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා තහවුරු කර ඇත.

Related news

සජිත්ගේ වැඩ නිසා සජබ කොටස් පහකට කැඩෙයි: දහයක් රනිල් ළඟ: චම්පික ලඟත් කොටසක්

administrator

NMRA දත්ත මකාදැමීම ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක්: නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියයි

administrator

මනූෂගේ සැලැස්ම ඖෂධ මාෆියාවෙන් පෞද්ගලික සමාගමක් සුද්ධ කරන්න ද?

administrator

රජරට ගොවියන් අවතැන් කරන්න අක්කර ලක්ෂයක් කොම්පැනියකට දීලා!

administrator

බැසිල්ගේ සල්ලි බෙදිල්ල ඇරඹේ: සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 03ක්

administrator

කෙරවලපිටිය ඇමරිකාවට දුන්නා තමයි: විදුලිබල ඇමැති කියයි

administrator