කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද නීතිය නැවීම අපේ රටට ආගන්තුක දෙයක් නොවෙයි. මේ කතාව නීතිය නොව පනතක වගන්ති නැවීමක් ගැනය. පාර්ලිමේන්තු පනතක් මගින් 2015 දී පිහිටුවන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම, උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාදීම ආදිය සිදුකරන මෙරට එකම වගකිවයුතු ආයතනයයි. ජන ජීවිත වලට ඍජුව බලපාන ඖෂධ සම්බන්ධව කටයුතු කරන ප්‍රමුඛතම තැන මෙතැනය.
ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ දත්ත ගබඩාවෙන් ටෙරාබයිට් දැවැන්ත ප්‍රමාණයක ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් පසුගිය ජූලි මස දිනක මැකී ගිය බව මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි. මේ ගැන අදහස් දක්වන නීති විශාරදයන් පෙන්වා දෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ පනතට අනුව මේ ආකාරයට දත්ත මැකීයාම බරපතල ගණයේ වරදක් බවයි. අධිකාරිය සතු දත්ත ආරක්ෂා කිරීමට එහි කාර්යමණ්ඩලය මෙන්ම ඒ හා සම්බන්ධ තෙවැනි පාර්ශ්වයද බැඳී සිටියි.
මේ සිද්ධියට සම්බන්ධ ඍජු චෝදනා එල්ල වී තිබෙන පෞද්ගලික සමාගමට මෙන්ම එහි කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු නිතීමය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම විමතියට කරුණක් නොවේ.
නමුත්, මේ පිටුපස සිටින්නේ සිද්ධියට සම්බන්ධ පුද්ගලික දුරකථන සමාගම ද යන්න ප්‍රශ්ණයකි. මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යොමුවීමේ අසාමාන්‍ය ප්‍රමාදය තුළ පනතේ වගන්ති වලට පටහැනිව යමින් ක්‍රියාකළ රජයේ නිලධාරීන් මෙන්ම පුද්ගලික දුරකථන සමාගම සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වේදැයි යන්න ප්‍රශ්ණාර්තයක් බව නිතී විශාරදයන්ගේ අදහසයි.