Info Sri Lanka | www.infosrilanka.lk

මනූෂගේ සැලැස්ම ඖෂධ මාෆියාවෙන් පෞද්ගලික සමාගමක් සුද්ධ කරන්න ද?

මෑතකාලීනව සිදුවූ දැවැන්ත දත්ත මගඩියක් වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවී තිබෙන දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයින් විවිධ අදහස් පළකිරීමේ නිරතව සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කර සිටියේ මේ දත්ත මැකීයාමේ සිද්ධිය පිටුපස ටෙලිකොම් ආයතනය සිටින බවයි.

කෙසේ නමුත් සිද්ධිය ගැන කෙරෙන විමර්ශන තවමත් අවසන් නැති පසුබිමක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර කිසිදු තහවුරු කළ හැකි සාධකයකින් තොරව සිදුකළ ප්‍රකාශය ප්‍රශ්ණ සහගතය.

එසේම මෙම සිද්ධියට තමන් කිසිසේත්ම සම්බන්ධ නැති බවට ඒ වනවිටත් ටෙලිකොම් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කර තිබූ අතර අදාළ මාධ්‍ය නිවේදනය තුළ ටෙලිකොම් ආයතනය පැහැදිලිව දක්වා තිබෙන්නේ ‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබානොදෙන බවත්, එබඳු සේවාවන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලබාදී නොමැති බවත්ය.

එම අධිකාරියේ දත්ත SLT දත්ත මධ්‍යස්ථානයේ ගබඩා කර නොමැති බවත් SLT-Mobitel වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ නමුත් මේ වන විට පැවති පරීක්ෂණ අනුව මෙම සිද්ධියට සැබෑවටම සම්බන්ධ බවට සැලකෙන අදාළ පෞද්ගලික සමාගම මේ දක්වා ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් හෝ සිදුකර නොමැති අතර මේ දත්ත මකාදැමීමේ සිද්ධියේ වගකීම SLT-Mobitel මත පවරා, මනුෂ විදෙස් සමාගමක් සුද්ධ කිරීමේ කොන්ත්රාත්තුවක් ඉටුකරමින් සිටින බවට සැකයක් ද මතු විය හැක.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator