මහාපරිමාණ සහල් මෝල් හිමියන් විසින් මේ වනවිට මෙරට සහල් මිල තීරණය කිරීමේ බලය මුළුමනින්ම සියතට ගෙන ඇති අතර ඔවුන් පසුගියදා ප්රකාශයට පත්කළ සහල් මිල මාසයක් ගතවීමටත් පෙර යළිත් ඉහළ දමා තිබේ.
ඒ අනුව නාඩු රුපියල් 15කින්, සම්බා රුපියල් 10කින් සහ කීරි සම්බා රුපියල් 30කින් මිල ඉහළගොස් ඇති බ වෙළඳපොළ තොරතුරු අනුව අනාවරණය වේ.
ඒ අනුව මේ වනවිට නාඩු සහල් කිලෝග්රෑමයක් රුපියල් 130ක්, සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 150ක් සහ කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 195ක් ලෙස මිල ඉහළ දමා ඇත. ඇතැම් සහල් නිෂ්පාදන නාඩු සහල් රුපියල් 135ක්, සම්බා සහල් රුපියල් 155ක් සහ කීරි සම්බා සහල් රුපියල් 210ක් දක්වා ඉහළ දමා ඇතැයිද වාර්තා වේ.
මහාපරිමාණ සහල් මෝල් හිමියන් විසින් මීට පෙර එනම් සැප්තැම්බර් 28 වනදා සහල් මිල ප්රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ නාඩු සහල් කිලෝග්රෑමයක් රුපියල් 115කටත්, සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 140කටත්, කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 165කටත් ජනතාවට ලබා දෙන බවය. එහෙත් ආණ්ඩුව සහල් පාලන මිල ගැසට්ටුව ඉවත් කරමින් සහල් මිල පාලනයෙන් ඉවත් වීමත් සමග මේ වනවිට දිනෙන් දින සහල් මිල මහාපරිමාණ සහල් මෝල් හිමියන් සිතූ සිතූ ආකාරයට ඉහළ දමමින් තිබේ.