Info Sri Lanka | www.infosrilanka.lk

සජබ ප්‍රබලයන් පිරිසක් මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි?

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා උතුරු නැගෙනහිර හැර සෙසු පළාත් සඳහා මහ ඇමැති අපේක්ෂකයන් ලෙස එම පළාත් නියෝජනය කරන සමගි ජන බලවේගයේ ජනප්‍රිය මන්ත්‍රීවරුන් නම් කිරීමට එහි මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කොට තිබේ.

මේ පිළිබඳ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කළේ එවැනි කතිකාවක් පක්ෂ අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින බවය.

ඒ අනුව බස්නාහිර පළාත් සඳහා සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා, දකුණු පළාත් සඳහා මනුෂ නානායක්කාර, සබරගමුව පළාත් සඳහා තලතා අතුකෝරාල, වයඹ පළාත් සඳහා නලින් බණ්ඩාර, මධ්‍යම පළාත් සඳහා මයන්ත දිසානායක, උතුරුමැද පළාත සඳහා හිටපු ඇමැති පී. හැරිසන් යන අය නම් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා එහි ප්‍රධාන විධායක හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන අය නම් කිරීමට බලාපොරොත්තුවන මහ ඇමැති අපේක්ෂකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related news

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

administrator

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනේ

administrator

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කියන්න; කාදිනල් හිමි හෙට වතිකානයට

administrator

ලොහාන්ගේ අමාත්‍යංශය යළිත් පිහිටුවයි: ඇමතිකම පෙන්ඩින්!

administrator

උපාධිය දවසේ ගත්ත පින්තූරයෙන් ජනප්‍රිය වුණු චාමිකා (photos)

administrator

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

administrator