Info Sri Lanka | www.infosrilanka.lk

කොළඹ බිලියනපතියා ඝාතනයේ සැකකරු හොර ඔප්පු ජාවාරමකට රිමාන්ඩ්: ඔප්පුවත් නැතුව වසර 3ක් නඩු!

කොළඹ බිලියනපතියෙකු වූ අසෝකා දසනායකගේ ඝාතන සිද්ධියට සැකපිට සිටින පුද්ගලයෙක් වන ධනසිරි විජේසිංහ නැමැත්තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අත්තනගල්ල අධිකරණය විසින් ලබන 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා වේ.

කොළඹ හතේ සහ පාරම්පරික ඉඩම් කොල්ලකන හොර ඔප්පු කල්ලියක සාමාජිකයෙක් ලෙස සැකකරන මොහු මෙසේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පොල්ගහආගර වත්ත නම් ඉඩම සම්බන්ධයෙන් 2020 වසරේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව වෙත ගොණු කර ඇති වංචාවක් සම්බන්ධයෙනි.

ඒ් අනුව සැකකාර ධනසිරි නැමැත්තා නොවැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ විසින් නියෝග කර තිබේ .

ධනසිරි නැමැත්තා

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති ධනසිරි නැමැත්තා ඝාතනයට ලක් වූ අසෝකා දසනායකගේ වතු මුරකරුවෙකු ලෙස වැටුප් ලබමින් වසර ගණනාවක් සේවය කල අයෙකි.

ඔහු විසින් 2008 වසරේදී අසෝකා දසනායකට අයත් නිට්ටඹුව ප්‍රදේශයේ පොල්ගහආගර වත්ත නම් ඉඩම අසෝකා දසනායකගේ බිරිඳ තමන්ට තෑගි ඔප්පුවකින් පවරා දුන් බවට ව්‍යාජ ලේඛණ සකසා තිබේ.

අසෝකා දසනායක විසින් අදාළ වතුයාය කළමණාකරණයට පවරා තිබූ එල්. ජේ. එම්. පීරිස් නම් සමාගමෙන් ධනසිරි නැමැත්තා 2017 වසර වන තුරු වැටුප් ලබා ගෙන ඇති අතර, ඉන් පසු සමාගමෙන් ඉවත් වූ බවට සඳහන් කරමින් ඊ. ටී. එෆ්. සහ ඊ. පී. එෆ්. ප්‍රතිලාභ සඳහා ද හිමිකම් ලබා ඇත.

මේ බව තහවුරු වී ඇත්තේ ධනසිරි නැමැත්තා සේවක අර්ථසාධක අරමුදල වෙත යොමු කර ඇති ලිපියක් මඟිනි.

කෙසේ නමුත් විමතියට කරුණ වන්නේ තමන්ට 2008 වසරේ තෑගි ඔප්පුවකින් හිමි වූ බව කියන ඉඩමේ ම සේවකයෙක් ලෙස කටයුතු කරමින් ධනසිරි විජේසිංහ නැමැත්තා වැටුප් ලබාගෙන තිබීමයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය වෙත පාදක වී ඇති පොල්ගහආගාර වත්ත ඉඩම 1976 වසරේ අසෝකා දසනායකගේ බිරිඳ වෙත ඇයගේ මව විසින් පවරා දෙන ලද්දකි .

ඉඩමට ව්‍යාජ ඔප්පු හැදු ධනසිරිගේ සේවා හැඳුනුම්පත

මේ අනුව මෙම ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව පැහැදිලි සාධක පෙනෙන්නට තිබිය දී වසර 03කට අධික කාලයක් සහ නඩු වාර 16කට අධික කාලයක් පුරා 1339/L නඩු අංකය යටතේ නඩුවක් විභාග වෙමින් පවතී.

කෙසේ නමුත් නඩු වාර 16කට පසුව ද, එම නඩුවේ ප්‍රධාන සාක්ෂිය වන ධනසිරි විජේසිංහ නැමැත්තා විසින් පවසන ඉඩම් ඔප්පුව අධිකරණයට තවමත් ඉදිරිපත්කර නොමැත.

ධනසිරි විජේසිංහ නැමැත්තා විසින් අදාළ ඉඩම් ඔප්පුව අධිකරණයට තවමත් ඉදිරිපත්කර නොමැති වූව ද වින්දිත අශෝකා දසනායකගේ පාර්ශවය විසින් රජයේ බිම් සවිය ඔප්පුවක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ දර්ශණ

මේ පිළිබඳව INFOSRILANKA.lk අප කළ ගවේශණයේදී කූට ඉඩම් මංකොල්ලකරුවන් විසින් භාවිතා කරන ඉඩම් නීතියේ ඇති හිඩැස් මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති විනිවිධභාවයකින් තොර මෙන්න අකාර්යක්ෂම කරුණු රැසක් හෙළිකරගැනීමට හැකි විය.

කොළඹ 07 ප්‍රදේශයේ මෙන්ම දිවයින පුරා වටිනා ඉඩම් සහ ‌දේපළ කොල්ලකන කල්ලි වල ගොදුරු බවට පත් වූ මෙන්ම ඔවුන්ගේ ප්‍රාණ ඇපයට පත් වූ සියලුදෙනා ගැන තවත් විශේෂ හෙළිදරව්වක් බලාපොරොත්තු වන්න.

එම ඉඩමේ සැබෑ හිමිකරුවන් ලෙස අධිකරණය මඟින් අධිකාරී බලයක් ලබා දී ඇති ඝාතනයට ලක්වූ අසෝකා දසනායකගේ පවුලේ පිරිසකට මරණ තර්ජනය කරමින් කටයුතු කරන විඩියෝවක් ද මීට පෙර අන්තර්ජාලය පුරා සැරි සැරූ අතර ඒ පිළිබඳව Info Sri Lanka වෙබ් අඩවිය විසින් පැවැත් වූ විශේෂ සාකච්ඡාවක් ද පහතින් නැරඹීමට හැක.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator