Info Sri Lanka | www.infosrilanka.lk

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී දැවැන්ත කොස් ගස්, වටිනා කළුවර ශාක ඇතුළු පැරණි ගස් රාශියක් කපා අනවසරෙන් ප්‍රවාහනය කර විකුණන ජාවාරමක් පිළිබඳව නිට්ටඹුව අප විශේෂ වාර්තාකරු පවසයි.

මෙසේ අනවසරයෙන් බලපත්‍ර රහිතව කොස්,කළුවර ඇතුළු වටිනා ශාක කපා දැමීම සිදු කරන්නේ නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි පොල්ගහආගර වත්ත නම්, ඝාතනය වූ කොළඹ බිලියනපති අශෝකා දසනායකට අයත් ඉඩමේ ය.

මේ වන විට මෙම ඉඩම සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සෑදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙම ඉඩමේ මුරකරු ලෙස සේවය කළ ධනසිරි විජේසිංහ ගේ පුත්‍රයා වන තිලංක විජේසිංහ නැමැත්තා මෙම වන සංහාරයට මූලිකත්වය ගෙන සිටින බව වාර්තා වේ.

කළු මල්ලි, පස්සයාල සුමිත්, කුඩු සුනිල් හෙවත් කළු සුනිල් යන අයගේ සහාය ඇතිව තිලංක විජේසිංහ විසින් මාස කිහිපයක සිට මෙම ජාවාරම මෙහෙයවමින් සිටින අතර කළු මල්ලි නමින් හදුන්වන පුද්ගලයා විසින් කපන ලද දැව, ලී මෝල් වෙත විකිණීම කිසිදු නීතිමය අවසරයකින් තොරව සිදුකරන අතර ඒ සඳහා ට්‍රක් රථ ද භාවිතා කරන බවත් වාර්තා වේ.

මීට අමතරව එම ඉඩමේ වගා කොට ඇති අක්කර 15 පමණ අන්නාසි වගාව ද විනාශ කරමින් පැල ගලවා විකිණීම සහ පොල් අස්වැන්න රහසේ අලෙවි කිරීම ද මොවුන්ගේ කූට ජාවරම් අතරට අයත්ය.

ඉහත නම් සදහන් තිලංක විජේසිංහ සහ පස්යාලේ සුමිත් යන දෙදෙනා පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ දින 45 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අය වන අතර තවත් චෝදනා කිහිපයක් මත ඇප පිට සිටින පුද්ගලයන් ද වේ.

මේ පිළිබඳව පළ වූ තවත් වාර්තා කිහිපයක් පහතින්,

කොළඹ බිලියනපතියා ඝාතනයේ සැකකරු හොර ඔප්පු ජාවාරමකට රිමාන්ඩ්: ඔප්පුවත් නැතුව වසර 3ක් නඩු!

Info Sri Lanka හෙළිදරව්වෙන් පසු ඉඩම් කොල්ල කන කල්ලි ඇල්ලීම CIDයට පවරයි

බිලියනපති අසෝකා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත් අඩංගුවට

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator

ජනපතිගෙන් තවත් විහිළුවක්: තමන් පත්කළ කොමිෂන් සභා ගැන සොයා බලන්නත් තවත් කොමිෂමක් පත්කෙරේ.

administrator