Info Sri Lanka | www.infosrilanka.lk

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

බත්තරමුල්ලේ පිහිටි KIU පුද්ගලික විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් එහි සිසුන්ට බැන වදිමින් තර්ජනය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන බහුතරයක් සිසුන් රජයේ ණය මුදල් යටතේ ඉගෙනුම ලබන අතර මේ හේතුවෙන් ම විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය සිසුන් පීඩාවට පත් කරන බව ද වාර්තා වේ.

එම වීඩියෝව පහතින්,

“මා KIU (බත්තරමුල්ල) විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. මා මාගේ පුද්ගලික තොරතුරු කිසිවක් ඉදිරිපත් නොකරන්නේ මේ සම්බන්ධව කතා කරන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් KIU(බත්තරමුල්ල) විශ්ව විද්‍යාලයේ ඉහල කළමනාකාරිත්වය දැඩි විනයවිරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවටත් ශිෂ්‍යභාවය අහෝසි කරන බවටත් වාචිකව මෙන්ම ලිඛිතව දැනුවත් කර ඇති හෙයිනි.

KIU විශ්ව විද්‍යාල(බත්තරමුල්ල ) ඉහල කලමණාකාරීත්වය විසින් පෙර දැනුදීමක් නොකර මීට දින කිහිපයකට පෙර හදිසියෙ සියලු කලමණාකර පීඨ සිසුන්ට පැවැත්වීමට තිබු මාර්ගගත විභාය ක්‍රමය අවලංගු කර මේ මස 17 වැනි දින සිට විශ්ව විද්‍යාලයට කැදවා විභාග පැවැත්වීමට තිරණය කොට ඇත. නමුත් අපට සතියකට ඉහත දී ද දැනුම් දුන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග පැවෙත්වෙන බවය. මෙම හදිසි තීරනය නිසා අප විශ්වවිද්යාලයේ සිසුන් බෙහෙවින් අපහසුතාවට පත්වී ඇත.

ප්‍රශ්නය මීට වඩා භයනක දෙයකි! KIUහී ඇතැම් ළමයිගේ නිවැස්වැසි පුද්ගලයින්ට ද කොවිඩ් ආසාධනය වී ඇති අතර ඔවුනද විභාග සදහා KIU වෙත ඒමට සුදානම් විය යුතුයි. එසෙත් නොමැතිනම් ඊට පසු කාණ්ඪයත් සමඟ ලබන වසරේ විභාගයට මුහුණ දිය යුතුයි යැයි පවසයි. නමුත් අවසාන වසරේ සිටින සිසුන්ට මෙය බෙහෙවින් අසාධාරණයි. අපට සෙමෙස්ටරයකට ලංකා බැංකුව හදා අපේ ණය මුදලින් නිශ්චිත මුදල් ප්‍රමාණයක් KIU ගිණුමට බැර වෙ, ඉනපසු අප වැඩියෙන් KIU තුළ ඉන්නා කාලයට ඔවුන් අපෙන් මුදලක් අයකරනවා නො අනුමාණය. අපට විභාගයට මුහුණ දීමට සිදුනොවන්නේ රටේ පවත්නා තත්ත්වය නිසා වෙන් මිසක් අපේ වැරැද්දකින් නොවේ. කොවිඩ් වසංගතය නිසා මුළු ලෝකය ම අසරණව පවතින මොහොතක මොවුන්ගේ මේ ක්‍රියාකලාපය නින්දිතයි. මොවුන් දැන් දැනම ළමයින්ව කොවිඩ් අවදානමේ හෙළයි. ළමයින් බොහොමයක් මෙම KIU විශ්ව විද්‍යාලයට පැමිණියේ රජයෙන් ලබා දුන් ශිෂ්‍ය ණය පහසුකම් යටතේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හරහා අයදුම් කිරිමෙනි.

අප පීඨයෙ බහුතර ශිෂ්‍යයන් පිරිසක් කොලඹින් පිට බැහැර කුරුණෑගල , මහනුවර , බදුල්ල , ගාල්ල , ගම්පහා , කලුතර , යාපනය, පුත්තලම වැනි ප්‍රදෙශ වල සිටින අතර ,ඔවුන් බොහොමයක් භාවිතා කල යුත්තේ පොදු ප්‍රවාහනයයි. එයිනුත් අවම වශයෙන් 60%වත් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා ගෙන නැති අතර කලමණාකරණ පීඨයෙ තෙවන වසර, හතරවන වසර සහ සිසුන් ගෙන්වීම තීරනය කර ඇත. මෙමෙ කාණ්ඩ දෙකේ පමණක් 600කට අධික සිසුන් පිරිසක් සිටි. එමෙන්ම වෙනත් පීඨ වල සිසුන්ටද විශ්වවිද්යාලයට පැමින ලෙස දන්වා ඇත.
විශ්වවිද්යාල සිසුන් මේ පිලිබදව KIU විශ්ව විද්‍යාල(බත්තරමුල්ල ) කලමණාකාරීත්වය මේ සම්බන්ධව දැනුවත් කරත්. ඔවුන් ඒ කිසිදු ඉල්ලීමක් සම්බන්ධයෙන් තැකීමක් නොකරයි. එමෙන්ම මේ සම්බන්ධව කතා කරන සිසුන් හට දැඩි විනයවිරෝධී පියවර ගන්නා බවටත් ශිෂ්‍යභාවය අහෝසි කරනා තර්ජනය කොට විශ්වවිද්යාලයෙන් මේ වනවිටත් ප්‍රකාශ කර අවසන්.
සිසුන් වශයෙන් අප ඔවුන්ගේ ඉල්ලා සිටින්නේ මේ වසංගත තත්වයෙන් ආරක්ෂා වීමට අපට ලබාදෙන්න කියා පමනි. නමුත් මෙම තත්වය නොතේරෙන KIU විශ්ව විද්‍යාලයේ ඉහල කලමණාකාරීවක් සිටීම ඉතාමත් පිලිකුලට කාරනාවකි.

අප උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයෙන් විශ්වවිද්‍යාලයට තේරී පත්වූ සිසුන්ය. අප මේ විශ්වවිද්යාලයට පැමිනියේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මාර්ගයෙනි. එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිසි පරිදි අපගේ ණය මුදල් කාර්තු වශයෙන් අප විශ්වවිද්‍යාලයට ගෙවීම් සිදුකරයි. එසේ තිබියදී පෞද්ගලික විශ්ව විද්‍යාලයක් සිසුන්ට වන අපට තර්ජනය කිරීම අපට තිබෙන පුදුමයට කරුණකි.

ශිෂ්‍යයන් වශයෙන් අප අපගේ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටියේ මෙම වසංගත තත්ත්වය මුවේ අපට විශ්වවිද්‍යාලයට පැමිණීමේ ගැටලුවක් තිබෙන බවයි.

හදිසියේ හෝ අපට කොරෝනා හැදුන හොත් ිශ්වවිද්‍යාලය එම අවදානම බාර ගන්නවා දැයි ඇසූ විට ඔවුන් අපට පැවසුවේ එය අපගේ වගකීමක් නොව රජයේ වගකීමක් බවයි. මෙවැනි පදනම නොමැතිව ඔවුන් අපගේ ජීවිත බිල්ලට දෙන්නේ ඇයි?
මෙය පැවසීමට අපට ඉන්නේ ඔබ තුමන්ලා පමණි
කාරකරුණාකර මේ පිළිබඳව අවධානය ඔබතුමාලා යොමු කරන්න.

මෙම ගැටලුව විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොව තලංගම, කොස්වත්ත ,බත්තරමුල්ල , තලාහේන ප්‍රදෙශවල ජීවත් වන මිනිස්සුන්ටද බලපායි.
ඔබ තුමන් ලා හැකි ඉක්මනින් මෙයට විසදුමක් ගනු ඇතයි වීශ්වාස කරමි. අවසානයට අපට ජීවත් වීමට අයිතිය තහවුරු කරන මෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි!
…………………….
I’m a student of kaatsu international university, so, immediately our university calls us to participate in the physical examinations. it has many problems. because Many of the students did not vaccinate because they had positive in covid19 diseases. So, in this situation how we are participating the exam .. who gets our responsibility. And how we come for every exam day into Colombo. So, please get immediate action for this. Because this is very harmful not only us all of the people who lived in baththarmulla, koswaththa area. so please get any action for this. Because we don’t like to dead sir.”

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator

ජනපතිගෙන් තවත් විහිළුවක්: තමන් පත්කළ කොමිෂන් සභා ගැන සොයා බලන්නත් තවත් කොමිෂමක් පත්කෙරේ.

administrator