Info Sri Lanka News | www.infosrilanka.lk

ආණ්ඩුවට එරෙහිව ශ්‍රීලනිපයත් ඉන්න අළුත් හවුලක් මාර්තු 02 එළියට

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ විසින් මාර්තු 02දා ආණ්ඩුව හරි මගට ගෙන ඒමේ යෝජනාවලියක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

රටත් ජනතාවත් මේවනවිට අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත්, කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන ඉහත පක්ෂවල නායකයෝ මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද පවසති.

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඇරයුම් ලැබ සිටිති.

අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් පසුගිය 23දා රාත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසට රැස්වී ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා තිබිණ.

Related news

කැබිනට් සංශෝධනයක්; ප්‍රබලයන් රැසක තටු ගැලවේ.

administrator

මහ බැංකුව සල්ලි කුණු දෙන්න කෙනෙක් හොයයි.

administrator

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

administrator

Fact Check සඳුන් PMD එකට ගිය හේතුව මෙන්න; පුවත් වල ඇත්ත-නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක්!

administrator

රණවීරගේ පුත්‍රයාට පොහොට්ටුවේ දේශපාලන ඇකඩමියෙන් ශිෂ්‍යත්වයක්!

administrator

වාහන ගෙන්නපු DIMO සමාගම ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී අරන්.

administrator