Info Sri Lanka News | www.infosrilanka.lk

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

රටේ ජනාධිපතිවරයාට වඩා වැටුපක් හෙදියන් ලබාගන්නා බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ඒ, නවක හෙදියන් 153 දෙනෙකු නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම වෙනුවෙන් ඊයේ (26) අරලියගහ මන්දිරයේදී පැවති උත්සවයක් අමතමින්.

ජනාධිපතිවරයාට ලැබෙන වැටුපත් රුපියල් 90,000ක් පමණක් වන නමුත් ඒ සමග සංසන්දය කිරීමේදී හෙද සේවයට ඊට වඩා පහසුකම් ලැබෙනා බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ හිමි,

“මේක රස්සාවක් නෙවෙයි, මේක වෘත්තියක්. සමහරවිටක ඔබ කරන සේවාවට ඔබට යම් දීමනාවක්, වැටුපක් ලබාදීම වෙනම එකක්. නමුත් අපි බැඳෙන්නෙ හොඳ සේවාවක් ඉෂ්ඨ කරන්නට. ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 90,000 යි. අපි මේ සංසන්දනය කරනකොට අද ඊට වඩා අපි පහසුකම් ලබලා තියෙනවා. අපි පහසුකම් ලබන්න ලබන්න අපේ පැත්තත් ටිකක් හොඳ වෙන්නට ඕනෑ. ඔය අඩුපාඩුකම් තිබුණත් අපි පුළුවන් තරම් දුරට අපේ අගමැතිතුමාට ඇවිල්ලා, අපේ වර්තමාන ජනාධිපතිතුමාට ඇවිල්ලා මතක් කළොත් කවදාවක්වත් බෑ කියන්නෙ නෑ. හැබැයි මෑතක ඉඳන් අපට ගොඩාක් දුරට ඇහුම්කන් දෙනවා අපේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාත් මොනවා හරි ප්‍රශ්නයක් ඇතිවුණොත්. මේකයි අවශ්‍යකම තිබෙන්නෙ. සමහරු හිටියා ඇහුම්කන් දීම කෙසේවෙතත් දොරවත් අරින්නෙ නැති ඇමතිවරු මේකෙ හිටියා. ලේකම්වරු හිටියා. අධ්‍යක්ෂකවරු හිටියා, අදත් ඉන්නවා, නෑ කියන්නත් බෑ”

Related news

මහ බැංකුව සල්ලි කුණු දෙන්න කෙනෙක් හොයයි.

administrator

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

administrator

Fact Check සඳුන් PMD එකට ගිය හේතුව මෙන්න; පුවත් වල ඇත්ත-නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක්!

administrator

රණවීරගේ පුත්‍රයාට පොහොට්ටුවේ දේශපාලන ඇකඩමියෙන් ශිෂ්‍යත්වයක්!

administrator

වාහන ගෙන්නපු DIMO සමාගම ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී අරන්.

administrator

බිග් බෑශ් ලීගයට වසර 07කට පසු ශ්‍රී ලාංකිකයෙක්

administrator