Info Sri Lanka News | www.infosrilanka.lk

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

ගුරුවරියක් විසින් පාසල් සිසුවෙකු අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම්දී තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්වූ සිසුවා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකු වන අතර ඔහු මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවනවා.

වසර 4ක් පුරා මෙම පාසල් සිසුවාව ගුරුවරිය විසින් අපයෝජනයට ලක්කර ඇති අතර ඇය 34 හැවිරිදි වියේ පසුවනවා.

සිය පාසලේ වාර්ෂික ක්‍රිකට් තරඟයකදී එවකට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවා සහ ගුරුවරිය දැන හඳුනාගෙන ඇති අතර පසුව ගුරුවරිය සහ පාසල් සිසුවා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව ගුරුවරිය විසින් පාසලේ පරිඝනක කාමරය තුළදී සිසුවා ලිංගික කටයුතු සඳහා පොළඹවා ගනිමින් විවිධ අවස්ථාවලදී අපයෝජනයන් සිදුකර ඇති බව වාර්තා වනවා.

අදාළ ගුරුවරිය සහ මෙම සිසුවා 60 වතාවක් පමණ ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත ගොස් ඇති බවත් එහිදී ගුරුවරිය සිය හැඳුනුම්පත භාවිත කරමින් අදාළ හෝටලයේ කාමර වෙන්කිරීම් සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Related news

කැබිනට් සංශෝධනයක්; ප්‍රබලයන් රැසක තටු ගැලවේ.

administrator

මහ බැංකුව සල්ලි කුණු දෙන්න කෙනෙක් හොයයි.

administrator

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

administrator

Fact Check සඳුන් PMD එකට ගිය හේතුව මෙන්න; පුවත් වල ඇත්ත-නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක්!

administrator

රණවීරගේ පුත්‍රයාට පොහොට්ටුවේ දේශපාලන ඇකඩමියෙන් ශිෂ්‍යත්වයක්!

administrator

වාහන ගෙන්නපු DIMO සමාගම ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී අරන්.

administrator