විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේ දී මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 325.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2022 මේ දක්වා කාලය තුළ තනි මාසයක් තුළ ලද වැඩිම ප්‍රේෂණ අගය වේ.
මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ දී ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,214.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කෙසේවෙතත් මෙය පසුගිය 2021 වසරේ මුල් මාස 08 හි ලැබී තිබුණු සමස්ත ප්‍රේෂණ අගය වූ ඩොලර් මිලියන 4,224.3 හා සැසඳීමේ දී 47.6% ක පහළ යාමකි.
2022 වසරේ එක් එක් මාසය තුළ ලද ප්‍රේෂණ වටිනාකම් පහත පරිදි වේ.

(ඩොලර් මිලියනවලිනි)
ජනවාරි – 259.2
පෙබරවාරි – 204.9
මාර්තු – 318.4
අප්‍රේල් – 248.9
මැයි – 304.1
ජූනි – 274.3
ජූලි – 279.5
අගෝස්තු – 325.4
මේ අතර 2022 අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් 37,760ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,430 ක් වේ.
අගෝස්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වාරත්ා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව 6,776 ක් වේ. මීට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් 5,340 ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත. ජර්මනිය (3,251), ප්‍රංශය (2,784), ස්පාඤ්ඤය (2,148) පසුගිය මාසය තුළ වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ වේ.


