Info Sri Lanka News | www.infosrilanka.lk

මහජන සේවය නොකිරීම නිසා, මහනුවර පොලිසිය ම මාරු කරයි.

මහනුවර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හා අධිකරණ කටයුතුවලට සම්බන්ධවන සැරයන්වරු දෙදෙනකු හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කිරීමට මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශයෙන් නොලැබෙන බවට ලද පැමිණිලි මත අදාළ තීරණය ගෙන තිබෙන බව දැන ගන්නට ඇත.

හතළිහකට ආසන්න මාරු කළ පිරිස අතර පොලිස් පරීක්ෂකවරයකු හා උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනකු සිටිති.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මෑතක එම අංශයට පැමිණ තිබෙන අතර එය සැලකිල්ලට ගනිමින් ඔහු මාරු කළ කණ්ඩායමට ඇතුළත් කර නැත.

අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන් දෙදෙනා මාරු කිරීමෙන් එම වැඩකටයුතුවලට බාධා ඇතිවන බැවින් තාවකාලිකව ඔවුන් දෙදෙනාද විවිධ පැමිණිලි අංශයේම සේවය සඳහා යොදවා තිබේ.

Related news

සැලලිහිණියේ අජන්තගේ ඉල්ලා අස්වීම කොයිබට ද?

administrator

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්‍යක්ෂම වේ: සල්ලියි වෙලාවයි දෙකම ඉතුරුයි!

administrator

ටෙන්ඩරයට අනුමැතිය දෙන්න අමාත්‍යාංශ ලේකම්, ඇමති දුවගෙන් කප්පම් ඉල්ලලා

administrator

මේතියස් අල්තොෆ් ලංකාවට එයි; තවත් ආයෝජන රැසකට ලෑස්තියි!

administrator

ප්‍රංශය හොල්ලපු “Raid Amazones 2023 ” මෙවර ශ්‍රී ලංකාවේ

administrator

හැරී, ජීවිත රක්ෂණ සමාගමක් පිහිටුවීමට අනුමැතිය ගනියි

administrator