දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන විශිෂ්ඨත්වය සඳහා වන නායකත්ව ඇකඩමියෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුත්‍රයාට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතු බව Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
වැඩිදුරටත් දැක්වූ අදහස්,
“රණවීර අමාත්‍යවරයාට පුළුවන් දැන් පොහොට්ටුවේ පොලිටිකල් ඇකඩමියට දාලා පුතාට දේශපාලනය කියලා දෙන්න. ඊට පස්සේ දේශපාලනයට අරගෙන එන්න. ලංකාවේ තරුණ සහ කාන්තා දේශපාලනය කියන්නේ අමු බොරුවක්. ඒ වගේ ම පළාත් සභා ක්‍රමයෙන් කරන්නේ මේ වගේ ඇමති පුත්තු දුවලා නැත්තම් බිරින්ඳෑවරුන්ට දේශපාලනයට එන්න තවත් සුදු අලියෙක් හදලා දෙන එක. ලංකාවේ පළාත් සභා ක්‍රමය සමාලෝචනය කරන්න ඕන වගේ ම තරුණ සහ කාන්තා දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් ඇත්ත වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙලා තියනවා. අපිට ඕනේ මෙහෙම දේශපාලනයක් ද? ඒක මේ රටේ මිනිස්සු තීරණය කරන්න ඕනේ. තමන් මුකුත් නොකර දේශපාලකයනට බැනලා වැඩක් නෑ.”

ඇමති රණවීරගේ පුත්‍රයා ඇතුළු පිරිසක් පසුගිය 26 වැනිදා කිරිබත්ගොඩ නගරයේදී ගැටුමකට මැදිව තිබිණි. උපකාරක පන්තියක් අසලදී මෙම ගැටුම සිදු වූ අතර තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබිණි.
ගැටුමට සම්බන්ධ බවට සැකපිට ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන් ඇපමත මුදා හැරිණි.
මේ සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාගෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ තම පුත්‍රයා ඇතුළු පිරිසක් සහ තවත් තරුණයන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බවයි. තම පුත්‍රයා ඇතුළු පිරිස පහර දී ඇති බවත් ඔවුන්ටද ප්‍රහාරයක් සිදුව ඇති බවත් ඇමතිවරයා පවසනවා.
මෙම ගැටුමට තමාගේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තම පුත්‍රයාට අවවාද කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවයි. තම පුත්‍රයා යහපත් පුරවැසියෙකු මිස චන්ඩියෙකු හෝ මැරයෙකු කිරීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද රණවීර මහතා පවසනවා.
මෙම පහරදීම සඳහා ඇමතිවරයාගේ පුත්‍රයා සිය පියාගේ අමාත්‍යංශයට අයත් මෝටර් රථයක් භාවිතා කර තිබෙනවා. WP KX 8472 අංකය දරන ටොයෝටා 141 වර්ගයේ මෙම මෝටර් රථය කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කර ඇති අතර එය රාජ්‍ය අමාත්‍යවරයා සඳහා වෙන්කර තිබෙනවා.
