fbpx

කැබිනට් සංශෝධනයක්; ප්‍රබලයන් රැසක තටු ගැලවේ.

HotPolitical

නුදුරේදීම සිදු වීමට නියමිත කැබිනට් සංශෝධනයක් ගැන මේවන විට දේශපාලන කරළිය තුළ කතාබහක් ඇති වී තිබේ.

වාර්තාවන අන්දමට මෙම කැබිනට් සංශෝධනයේදී දැනට සිටින ප්‍රබල ඇමැතිවරුන් ගණනාවකගේම විෂයන් ගැලවීමට නියමිතය.

එමෙන්ම එක් අමාත්‍යංශයකට වඩා දරන ඇමැතිවරුන්ගෙන් අනෙක් අමාත්‍යංශ ඉවත් කිරීමටද තීන්දු කර ඇති බව කියවේ.

වරාය, ක්‍රීඩා, කර්මාන්ත ඇමැති ධුර අනිවාර්යයෙන්ම වෙනස් වන අතර රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල වැනි අමාත්‍යංශ ගණනාවක් හොබවන ඇමැතිවරුන්ගේ විෂයන් අඩු කිරීම මේ අනුව සිදු වීමට නියමිත බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සියල්ල සිදු වන්නේ දැනට අර්බුධයට ගොස් ඇති කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම දිවුරුම් දීමෙන් අනතුරුවය.

Leave a Reply