ඩිජිටල් මුදල් ඒකක නැතිනම් අතථ්‍ය මුදල් ඒකක වෙනුවෙන් මුදල් ආයෝජන කිරීම වර්තමාන ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින ආදායම් මාර්ගයක්.
ක්රිප්ටොකරන්සි ලෙස පොදු නාමයකින් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය මේ වන විට ලොකයේ බොහෝ රටවල මෙය නියාමනයන් සහිතව අනුමත කර ඇති ක්‍රියාවලියක් වන මෙය කිසිසේත්ම නීති විරෝධී දෙයක් නොවේ.
ශ්‍රී ලංකාව තුළ තවමත් මෙය නෛතිකමය ලෙස නිසි පිළිගැනීමට ලක් කර නැතත් එය නීති විරෝධී ලෙස නම් කිරීමක් කර නොමැත. මේ වන විටත් මෙරට දස දහස් ගනනක් දෙනා ක්රිප්ටොකරන්සි ආයෝජනය කර එහි ප්‍රතිලාබ ලබමින් තිබේ.
ඉතා පහසුවෙන් ආදායම් ඉපැයිය හැකි ක්ෂේත්රයක් වන මේ සම්බන්ධයෙන් ඇති නොදැනුමත්කම, අනවබෝධයන් නිසා මෙහි උපරිම පල නෙලාගැනීම වැලැකී තිබේ.
ක්රිප්ටොකරන්සි වර්ග විශාල ප්‍රමාණයක් ඇති අතර ඒ ආයෝජන විධි විශාල ප්‍රමාණයක් ද ඇත. එසේම මඟින් ලැබිය හැකි ආදායම්ද විවිධ පරිමාණයෙන් වෙති.
ඕනෑම ව්‍යපාරයක් තුළ අවදානම ඇති අතර එය මෙයටත් පොදුය. නමුත් නිවැරදි උපදෙස් සහ නිවැරදි අවබෝධයක් මඟ පෙන්වීමක් සහිතව ක්රිප්ටොකරන්සි ආයෝජනයන් හී යෙදීම මඟින් අවදානම් තත්වයන් මඟ හැරිය හැක. එමෙන්ම මෙය පාඩු ලබන්නක් වන්නේ නැත. අද නැති අවස්ථාව හෙට ලැබිය හැකිය.
කෙසේ නමුත් ලෝකයේ අනාගතය වන්නේ මේ ක්රිප්ටොකරන්සි මුදල් හුවමාරු ක්‍රමයයි. එයට මාරුවීම සහ හුරුවීම අනාගතය සුරක්ෂිත කරන විශ්වාසනීයම පිළිවෙල විය හැකිය.
[සුවි ජයවර්ධන]
One Comment