Info Sri Lanka News | www.infosrilanka.lk

මං අවංක ආදරයක් අත්වින්ඳේ නෑ – හසිනි සැමුවෙල්

නිරූපණ ශිල්පිනියක් විදිහට අන්තර්ජාලය තුළ විටින් විට කතා මැවූ හසිනි සැමුවෙල් කියන්නෙ කවුරුත් දන්න අඳුනන චරිතයක්. ඇය ෆිල්ටි කියන රැප් ගායකයා එක්ක විවාහ වුණු කතාවත් රහසක් නෙවෙයි. කොහොම වුණත් දැන් තමන් “සිංගල් මාම්” කෙනෙක් කියලා හසිනි පළමුවතාවට පුවත්පත් මාධ්‍ය තුළින් හෙළි කර තිබුණා. ආන්දෝලනාත්මක විලාසිතා සහ ගීත රූප රචනා නිසාම විවේචනයට ලක්වුණු හසිනි මෑතක වීඩියෝවකින් අදහස් දක්වමින් ඇගෙත් ෆිල්ටිගෙත් විවාහය දෙදරා යාම ගැන මෙසේ තතු හෙළි කළා.

ආදරේ කියන්නෙ ඇත්තටම අයිති කරගන්න එක නෙවෙයි, අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් අතඅරින එක තමයි ඇත්තම ආදරේ. එහෙම කරන්න පුළුවන්..” “මම විශ්වාස කරන විදිහට අවංක ආදරයක් අත්වින්ඳේ නැහැ. නමුත් මම කැමතියි ආදරේ දෙන්න. දරුවෙක් අම්මා කෙනෙක්ට, අම්මා කෙනෙක් දරුවෙක්ට වගේ… මගේ තෝරාගැනීම මත තමයි ආදරේ ලැබීම, නොලැබීම තීරණය වෙන්නෙ. ආදරේ ගැන මගේ තෝරාගැනීම් ගැන මම දුක් වෙන්නෙත්, සතුටු වෙන්නෙත් නෑ. ආදරේ කියන්නෙ අපි බලෙන්, අයිතිකරගෙන, බොරුවෙන් වංචාවෙන් තියාගෙන ඉන්නවා නම් ඒක නෙවෙයි ආදරේ..” “එයා කොහොමද ඉන්න කැමති? එයා කැමතිනම් එයාගේ ලයිෆ් එකේ ඉන්න දෙන්න ඕනි. ඒක තමයි ඇත්තම ආදරේ..” “මගේ හස්බන්වත් (ෆිල්ටි) මමවත් අපි දෙන්නම අදටත් තරහා නෑ.

අදටත් එයා මට වෛර කරන් නෑ. අපේ විවාහය එක තැනකදී අපිට දික්කසාද වෙන්න වුණා. නොගැළපීම් නිසා. එහෙමයි කියලා, මං වෙන ආදරයක් පැතුවේ නෑ. අදටත් මම මගේ දරුවාගේ ආදරේ ලැබෙනවා. ජීවත් වෙන්න ඒ ඇති. ස්වාමිපුරුෂයා මට වටිනාම තෑග්ග මට දුන්නා. ඒ මගේ පුතා. අද වෙනකන් අපි දෙන්නට දෙන්නා බැනගෙන නෑ. පුතාගෙයි තාත්තාගෙයි බැඳීමත් නැතිවෙන්න දීලා නෑ. අම්මා කෙනෙක් විදිහට පුතාට දෙන්න පුළුවන් හොඳම දේත් ඒක..

Related news

අවුරුදු 1000ක් පමණ පැරණි පිටසක්වල ජීවියෙකුගේ මමියක්

azhb

ගෝඨාභයගේ නව බංගලාව : සබ්රි ශානක්‍යන් ගැටේ

azhb

WhatsApp සංවාද රැකෙන Chat Lock

azhb

ඔස්කාර් සම්මාන දිනූ විශිෂ්ටයන්

azhb

හසිනි දැන් සිංගල්!

administrator

ඇයි මම ලංකාවේ ඉපදුණේ කියලා මට සිය දහස් වර හිතුණා: එශාන් ඩයස්

administrator