fbpx

චීනය රටවල් රැසක ආනයනික රේගු බදු කපා හරියි.

ForeignHot

ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් 10කින් ආනයනය කරන සියයට 98ක භාණ්ඩ කෙරේ චීනය ශුන්‍ය රේගු බදු පැනවීම ක්‍රියාත්මක කරයි.

එළඹෙන දෙසැම්බර් මස පළමුදා සිට අදාල ප්‍රතිපත්තිය බලාත්මක වන බව චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු බදු උපමාන කමිටුව නිවේදනය කර ඇත.
ඇෆ්ගනිස්ථානය, බෙනින් රාජ්‍යය, බර්කිනා ෆාසෝ රාජ්‍යය, ගිනිබිසව් රාජ්‍යය, ලෙසෝතෝ රාජධානිය, මලාවි රාජ්‍යය, සාඕ ටොම් සහ ප්‍රින්සිපි රාජ්‍යය, ටැන්සානියාව, උගන්ඩාව හා සැම්බියාව එම රටවල් 10 වේ.  

චීන රජය අදාල රටවල් සමග පැමිණි ගිවිසුම් ප්‍රකාරව මෙන්ම, ‘ඌන සංවර්ධිත රටවල ලැයිස්තුගත භාණ්ඩවලින් සියයට 98කට ශුන්‍ය රේගු බදු පැනවීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු බදු උපමාන කමිටුවේ නිවේදනය’ට අනුකූල වන සේ අදාල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ගිවිසුම් අත්සන් තැබීමේ ක්‍රියාදාමයට අනුව චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා තිබෙන සියළු ඌන සංවර්ධිත රටවලට පිළිවෙළින් එබඳු සහන ප්‍රතිපත්තියක් චීනය විසින් ක්‍රියාත්මක කරනු ඇත.

Leave a Reply