යාල සංචාරකයන්ගෙන් පිරී යයි; ඉලක්කය ලක්ෂ 30ක්!

BusinessHotTravel

පසුගිය අඟහරුවාදා (29) කොළඹ ට පැමිණි Mein Schiff 5 නෞකාව පසුගිය දා (30) හම්බන්තොට වරායට සේන්දු වී තිබුණි.

මේ අතර මෙම නෞකාවේ පැමිණි විදේශිකයින් විශාල ප්‍රමාණයක් පෙරේදා යාල ජාතික වනෝද්‍යානයේ චාරිකාවක නිරත වී තිබේ.

වසර දෙකහමාරකට පසු යාල ජාතික වනෝද්‍යානයට වෙත පැමිණි විශාලතම සංචාරකයින් ප්‍රමාණය මෙය බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සංචාරකයින් යාල වනෝද්‍යානයේ සිරි නරඹන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සංචාරක අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබුණු අයුරු පහතින් දැක්වේ.

මේ අතර එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා අද වෙනකොට දෙසැම්බර් පළවෙනිදා ලක්ෂ හත හමාරක් වෙන්න තව ලක්ෂයක්, එකයි විස්සක් විතර තව ඕන වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ පිටරට හිටපු අපේ ඩයස්පෝරාව, ඔවුන් අවුරුදු දෙක තුනකට ලංකාවට ඇවිත් නැහැ. මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරකයෝ ප්‍රමාණයක් ලංකාවට එන මාසයක් බවට පත්වෙයි. ජනවාරි පෙබරවාරිවල දැනටම බුකින් ඉතාමත්ම හොඳින් ලැබිලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. 2023 අපේ ඉලක්කය ලක්ෂ 15 දක්වාත්, 2024 දී ලක්ෂ 30 ක් දක්වාත්, සම්පූර්ණ ජම්ප් එකක් ගන්න, ඒ ජම්ප් එක ගන්න අවශ්‍ය අවුරුද්ද වෙන්නේ 2023.“

Leave a Reply