නැති, නොදෙන කතා බොරු: මහාභාණ්ඩාගාරය ඡන්දයට සල්ලි නිදහස් කරයි!

HotLocal

මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 100 ක් ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණය සඳහා මිලියන 770 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

වරින්වර හෝ භාණ්ඩාගාරය එම මුදල් කොමිසම වෙත ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේ ය.

කෙසේ නමුත් මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දීම සිදු නොකළහොත් ජනතාව සමඟ පාරට බහින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත් දැනට ඇති එකම තුරුම්පුව මුදල් නොදී මග හැරීම බව ද ඔහු පැවසීය.

එවන් ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගතහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ආණ්ඩුවට කෙසේවත් මැතිවරණය කල් දැමීමේ අයිතියක් නැති බවත් පැවසූ ඔහු අවසන් උපක්‍රමය ලෙස මුදල් නොදී මග හැරීමට උත්සාහ කළොත් ජනතාව සමඟ පාරට බහින බව ද ඔහු කියා සිටියේය.

Leave a Reply

Skip to content