Info Sri Lanka News | www.infosrilanka.lk

මන්දිරයේ හමුවූ කෝටි දෙක ඉල්ලන්න ගිය ගෝඨා අමාරුවේ!

අරගල සමයේ ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගියදා (08) ප්‍රතික්ෂේප කර ඇත.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්, මෙය මුදල් පිළිබදව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවත්ය.

එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබදව වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර කළ ඉල්ලීම අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කළේය.

Related news

නව ත්‍රස්ත පනත ගැසට් කෙරේ

azhb

කැනඩා ජනගහනය මිලියනයකින් ඉහලට – 96%ක් සංක්‍රමණිකයන්

azhb

ඩොලරය හමුවේ අඩු වෙන මිල ගණන්

azhb

රට හැර යන plan international රඳවා ගැනීමට N.S.F.N.G.O උත්සාහයක

azhb

ඩොලර් අර් බුධය අදින් අවසන් ද ?

azhb

 පාසැල් සිසුන්ට උපකාර කළැයි මාධ්‍යවේදි‍යෙකුට මරණ තර් ජන

azhb