රංගන ශිල්පීන් චරිත සඳහා ජනතාවගෙන් නොමද ආදරයක් ලබනවා සේම ඒ චරිතයට ජනතා අප්‍රසාදය හෝ බැන වදිනවා නම් නළුවා හෝ නිළිය එම චරිතය සාර්ථක ලෙස කැමරාව ඉදිරියට ගෙන ආවා කියන එකට සැකයක් නැහැ. පාර දිගේ නාට්‍ය රුවිනී වුණු නිත්‍යා දේවින්දිත් මේ දවස්වල ඒ විදිහට නිතරම බැණුම් අහන චරිතයක් බවට පත් වෙලා. සැබෑ ජීවිතයේදී ඇය කොයි වගේද කියලා ඇසුව සැණින් ඇයගේ ආදරණීය සැමියා වූ ගීත් ද සොයිසා කිව්වේ කතා දෙකක් නැහැ නපුරුයි කියලයි. ඔහුත් ජනප්‍රිය නාට්‍ය කිහිපයක නිෂ්පාදකවරයෙක්. ඒ නිසා ඔවුන්ගේ රසබර තොරතුරු මේ විදිහට තැබුවා.
මේ දවස්වල හරියට බැණුම් අහනවා නේද නිත්‍යා..?
ඒකනේ. ෆොටෝස්වත් දාන්න බැහැ. ඒක යටින් කමෙන්ට් කරලා බණිනවා. පාර දිගේ නාට්‍යයේ රුවිනිට කවුරුත් ආදරෙන් කතා කරන්නේ නැහැ. සමහර අය හොඳට බැණලා බැණලා පස්සේ කියනවා ඔයා චරිතය හොඳට කරන නිසානේ අපිත් බණින්නේ කියලා.
මිනිස්සු බණිනකොට දුක හිතිලා නැද්ද ..?
මුල් දවස්වල නම් හරිම දුකයි. දුක හිතුනම මම ප්‍රවීණ රංගන ශිල්පිනි මල්කාන්ති මහත්මිය එක්ක කතා කරනවා. මල්කාන්ති අක්කා තමයි පාර දිගේ නාට්‍යයේ මගේ අම්මට රඟපාන්නේ. එයා කියනවා ඔය මොකක්ද මම මේ අවුරුදු 40 ක් තිස්සේ බැණුම් අහන්නේ. ඔයා ඔය චරිතය හරියට කරන නිසා තමයි ජනතාව මෙච්චර ප්‍රතිචාර දක්වන්නේ. ඕවා වැඩිය බලන්න එපා. ඔයාට වඩා හොඳට මේ චරිතය වෙන කෙනෙකුට කරන්න බැහැ කියලා මල්කාන්ති අක්කා කිව්වා. එයත් එක්ක කතා කළාට පස්සේ මගේ හිත හැදුනා. දැන් නම් සමහර කමෙන්ට් දකිද්දී හිනා යනවා.
ඔබ අවිවාහකයි කියලා හිතලා ආදරේට යෝජනා කරන අයත් ඇති..?
මම වැඩිය ශෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැහැ එන මැසෙජ් බැලෙන්නෙ නැහැ . ඒ නිසා එහෙම යෝජනා කරලා තියෙනවා ද කියලා දකින්නේ නැහැ . නමුත් මේ ළඟදි දවසක හස්බන්ඩ් එක්ක ගත්ත ෆොටො එකක් ස්ටෝරිස් දැම්මා. ඒකට පිරිමි ළමයෙක් කමෙන්ට් කරලා තිබ්බා එයාගේ නොවුණා නම් ඔයා අනිවාර්යයෙන්ම මගේ වෙලා කියලා. ඒක දැකලා අපි දෙන්නට හිනා ගියා.
නිත්‍යා රංගනයට පිවිසිලා කෙටි කාලයක් වෙන්නේ. නිළියන් ට වැඩිපුරම අයුතු යෝජනා කරන අයත් ඉන්නවලුනේ. ඔබටත් එහෙම යෝජනා කරපු අය හිටියද..?
මම රංගනයට ආපු මුල්ම දවස්වල එක නළුවෙක්ගෙන් අමුතු යෝජනාවක් ආවා. මට ඒකට හරි අවුල් ගියා. මම දන්නවා මම ඉන්න ඕන විදිහ හා ඒ වගේ අවස්ථාවල දි මම කොහොමද උත්තර දෙන්නේ කියලා. කියන්න ඕන ටික ඔහුට කිව්වා. පස්සේ බලාගෙන යද්දී ඒ නළුවා ඒ යෝජනා මට විතරක් නෙමෙයි කරලා තියෙන්නෙ. අයුතු යෝජනා නොකරපු නිළියක් නැතිලු. ඇම දාලා බලන අය ඉන්නවා. ඇමට අහුවෙලා කනවද නැද්ද කියලා තීරණය තියෙන්නේ අපේ අතේ. මම හරි පරිස්සමින් ජීවත් වෙන කෙනෙක්. ඕනෑවට වඩා කරේ එල්ලීලා කතා කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් තමයි ප්‍රශ්න එන්නේ. ක්ෂේත්රයේ ගොඩක් අය ගීත්ව දන්න නිසා දැන් ප්‍රශ්න නැහැ.
ගාල්ලේ ඉඳලා කොළඹට එන නිත්‍යා නිළියක් වෙන්නේ මවුපියන්ගේ කැමැත්තට කියන්නේ ඇත්ත ද ..?
ඔව්. මම දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් අවසන් දොළොස් දෙනා අතරට තේරෙනවා. ඒක යන්නෙත් මගේ කැමැත්තට නෙමෙයි. මගේ අම්මා අයියා නංගිගේ ආසාවට. ඉස්කෝලේ කාලේ ඉඳලා කලා කටයුතු වලට සම්බන්ධ වුණු නිසා මාව ඒ පැත්තට තල්ලු කළා. කිසිම ආසාවක් නැතුව මමත් සම්බන්ධ වුණා . මගේ තාත්තා නැති වුණා 2018 අවුරුද්දේ. වෙන අම්මලා තාත්තලා ඕවට කැමති නැහැනේ. ඒත් එයාලා එහෙම නැහැ . බල කරා යන්න. දෙරණ ට සම්බන්ධ වුණු නිසා රංගනයට අවස්ථාව ක් ලැබුණා. ඒ 2019 අවුරුද්දේ අන්තිමට. ඒ පටන් ගත්ත ගමන තමයි මේ තවත් යන්නේ. දැන් පවුලේ අයට හරි සතුටු යි. එයාලා මාව තල්ලු කළේ නැත්තම් මම තවම ගාල්ලේ.
තරගකාරි ජනප්‍රිය රැල්ලට එන බොහෝ අය ජනප්‍රියත්වය මේන්ටේන් කරනවා..?
මට එහෙම උණක් නැහැ . අනේ මගේ නම රූපේ මිනිස්සුන්ට අමතක වෙයි කියලා නටන්නේ නැහැ. ඕන වෙලාවක අත ඇරලා ඉස්සර හිටියා වගේ ඉන්න පුළුවන්. මේක තාවකාලිකයි. මේන්ටේන් කරාට වැඩක් නැහැ .
ඒ වුණාට ඔබ නිළියක් වුණු නිසානේ ගීත් වගේ කෙනෙක් මුණගැහෙන්නේ ..?
ඒක ඇත්ත . ගීත්ව මට මුණගැහෙන්නේ මම රංගනයට ආපුම කාලේ. මම ජනප්‍රිය නැහැ . දැන් ටිකක් හරි ජනතාව දන්නේ පාර දිගේ නාට්‍ය නිසා. ජනප්‍රියත්වයක් නැති කාලේ හම්බුණ ගීත් මාව හරි ආදරෙන් එයාගේ ජීවිතේට එකතු කර ගත්තා. අපි හමුවෙන්නේ රණවිරු සෙවණ ඉවෙන්ට් එකකට එයා මට ආරාධනා කරලා. මම ගාල්ලේ හිටියේ. මෙයා මට ඉවෙන්ට් කිහිපයකට ආරාධනා කරා එන්න බැරි වුණා. ඊට පස්සේ කොහොම හරි යන්න ඕන කියලා ගියා. එදා එයාගේ වාහනේ තමයි මාව දාගෙන ගියේ. මම යාළුවෝ එක්ක ගියේ. ටික දවසකට පස්සේ අපි බඳින්නේ කවදාද ඇහුවා. මම අහ් බඳින්නේ කියලා අහද්දි එයා ඔව් කිව්වා. මම කිව්වා ඔක්කොටම කලින් ගෙදරින් අහන්න කියලා . අන්තිමට ආදරේ නොකියා ම විවාහ වුණා මාස තුනක් වගේ කෙටි කලකින්.
ගීත් ආදරේ ප්‍රකාශ නොකර විවාහයට යෝජනා කරද්දී නිත්‍යා ප්‍රතික්ෂේප කරයි කියලා හිතුනේ නැද්ද ..?
මොන පිස්සු ද මම අහන්නේ කොයි වෙලෙඳ කියලා එයා බලාගෙන ඉන්න ඇති. නැත්තම් අහපු ගමන් හා කියන්නේ නැහැනේ.
ඇත්ත ද නිත්‍යා ..?
මම හා කියනකල් දවස ගානේ පස්සෙන් ආවා. දැන් ඔහොම ගීත් කිව්වට. ඇත්තටම අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ ඒකයි යෝජනාවට හා කිව්වේ.
විවාහ වුණාට පස්සේ ගීත් කිව්වේ නැද්ද රඟපෑවා ඇති කියලා ..?
එයා එපා කියලා නැහැ. ඒ වුණාට අකමැත්තක් තිබ්බා එයාට කලින් තිබ්බ ආදර සම්බන්ධතාවල අත්දැකීම් එක්ක. නමුත් මම ඉන්න විදිහ හැසිරෙන විදිහ එක්ක එයාගේ ඒ අකමැති ගතිය නැතිවෙලා ගියා.
ගීත්ට නිළියෝ ගොඩක් එක්ක පැටලිලා අත්දැකීම් තිබ්බ නිසා නිත්‍යා නැති වෙයි කියන බයටද ඉක්මනින් විවාහ වුණේ..?
ඔව්. අනිත් එක කොවිඩ් කාලේ වෙඩින් ලොකුවට ගන්න බැහැ. කොවිඩ් මුවාවෙන් ඉක්මනින් බැන්දා. ලොකුවට වියදම් කරන්න ඕන නැහැ නේ. ආදරේ අමිහිරි අත්දැකීම් තිබ්බා. ඒකත් එක හේතුවක් ඉක්මනින් බඳින්න.
විවාහය කොළයකට සීමා වුණා කියලා යන කෙනා යනවනේ, නිත්‍යා ගැන එහෙම බයක් තිබ්බේ නැද්ද ..?
එහෙම බයක් නම් කොහෙත්ම ආවේ නැහැ , ආශ්‍රය කරද්දී තේරුණා. ගති ගුණත් හොඳයි. මම හරි ආදරේයි. එයා හරි ලෝබ කෙනෙක් ආදරේ ට, ඒ දෙවල් එක්ක බයක් දැනුනේ නැහැ. තිබ්බ සම්බන්ධතා ඔක්කොම බලද්දී නිත්‍යා කියන්නේ හාත්පසින්ම වෙනස් මාරම චරිතයක්. වාසනාවක් එයා වගේ කෙනෙක් ලැබීම.
එතකොට නිත්‍යාට හැඩ හුරුකම් තිබ්බ නිළියකට ප්‍රේම කරලා ඒ ප්‍රේමය අහිමි වුණු නිසා නිත්‍යාට හිත ගියා කිව්වොත්..?
නිත්‍යා වගේම නිළියක්ට ආදරේ කළා. එයා වෙන ආදරේක පැටළුණා. එයාගේ හැඩහුරුකම් තිබ්බට එයා නිසා නිත්‍යාව තෝරා ගත්තේ නැහැ. නිත්‍යාව දකිද්දී ආදරේ කරන්න හොඳයි කියලා හිතුනා. අර නිළිය ළඟින් නිත්‍යාව තියන්නත් බැහැ ඒ තරම් නිත්‍යා හොඳයි.
නිත්‍යා පාර දිගේ රුවිනි වගේ නපුරුයි ද..?
නපුරුද කියලත් අහනවා. කතා දෙකක් නැහැ ඒ වගේ නපුරුයි තමයි. හැබැයි හරි හොඳයි.
රේස් එක දෙක කියන නාට්‍ය නිෂ්පාදනය කරා ඔබ. ඒ සඳහා ඔබේ බිරිය යොදා ගත්තා. බිරිඳට රගපාන්න දෙන්න ඕන නිසාද ඔබ නිර්මාණය කරන්නේ ..?
එයා නිසා මම නිර්මාණ නිෂ්පාදනය කරන්නේ නැහැ, නමුත් පවුලේ අය හිටියම හරි ලේසියි වැඩ කරන්න. ඒ නිසා බිරියට ගැළපෙන චරිතයක් බලලා දුන්නා. මම මගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය පටන් ගන්නවා. ඒකට එයාව ගත්තේ නැහැ . චරිත ගැළපෙන ඒවා නොතිබ්බ නිසා.
පාර දිගේ රුවිනි ගැන මොකද හිතන්නේ ..?
ඇත්තටම කිව්වොත් නිත්‍යා ඒ නාට්‍යයෙන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එයාට ඒ අවස්ථාව දෙන්න බැහැ සාර්ථකව කරන්න බැහැ කියලා කිව්වා. නමුත් ප්‍රධානියෙක්ගේ ඉල්ලීමකට නිත්‍යාට ඒ චරිතය දුන්නා. දැන් ප්‍රතික්ෂේප කරපු කෙනත් කියනවා රුවිනීට නිත්‍යා සාධාරණයක් කරනවා කියලා . ඔහුත් අගය කරන එක වටිනවා. රුවිනි වගේම නිත්යෙට දෙන ඕනෑම චරිතයක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.
ඔබේ මල්ලි විවාහ වුණෙත් නිළියක් එක්ක චතූ රාජපක්ෂ එක්ක. අයියයි මල්ලියි එක වගේ නිසා කාටවත් දෙන්නව පැටලිලා නැද්ද ..?
චතූටයි නිත්යාටයි අපි දෙන්නව පැටලිලා නැහැ. නමුත් නිත්‍යාට කෝල් කරලා තියෙනවා ඔයාගේ හස්බන්ඩ් වෙන කෙනෙක් එක්ක යනවා දැක්කා කියලා. චතූට කෝල් කරලත් ඒ වගේම කියපු අවස්ථා තිබ්බා. අපි නිවුන්නු නෙමෙයි. අපි දෙන්නා අවුරුදු පහකට බාලයි. ඒත් ටිකක් එක වගේ.
ඒකද ඔහුත් නිළියක් බැන්දේ? ඒ දෙන්නා මුණගස්වන්නේ ඔබට නිත්‍යා මුණගැසුණු දවසේමයි..?
ඒකනේ අන්තිමට මල්ලිත් නිළියක් බැන්දා. අපි හැමෝම සම්බන්ධ වුණේ එකම ඉවෙන්ට් එකට තමයි. නමුත් වෙන වෙනම. චතූව ගන්න රාජකාරි ය මල්ලිට දුන්නා මම නිත්‍යා ව ගත්තා. ඊට පස්සේ අපි හැමෝම එකට සෙට් වුණා අවස්ථා කිහිපයකදි. නිළියෝ ම ආශ්‍රය කරපු අපි දෙන්නට අන්තිමට නිළියෝ ම බඳින්න වුණා.
ඔබේ මවුපියන් විරුද්ධ වුණේ නැද්ද නිළියෝ කරකාරෙට ගන්න ..?
නැහැ . ඔක්කොම ප්ලෑන් කරලා කිව්වේ. කිසිම විවිරුද්ධත්වයක් තිබ්බේ නැහැ.
නිත්‍යාට ලැබෙන ප්‍රතිචාර එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ගීත්ට අපහසුයි කියලා දැනිලා නැද්ද ..?
දැනිලා තියෙනවා . එයා එක්ක පාරේ යන්න බැහැ ෆොටෝස් ගන්න එනවා. සමහර වෙලාවට පැත්තක ඉන්න මාවත් එකතු කර ගන්න එක තමයි මම අකමැතිම දේ. එය එක්ක ඕන කෙනෙක් ෆොටෝස් ගත්තට කමක් නැහැ. සමහර අවස්ථා තියෙනවා නිදහසට බාධා වෙන . දැන් ඉතිං එහෙම කියලා මොනවා කරන්නද. බැන්දේ නිළියක් නේ.