Info Sri Lanka News | www.infosrilanka.lk

මහ කැලයේ ගල්ගුහාවකින් හමු වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයා

මඩකලපුවේ පට්ටිපලෙයි තණ්ඩමාලෙයි මහ කැළයේ ගල් ගුහාවක ජීවත් වෙමින් සිටිය දී හමු වූ පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්. නගුලේස්වරන් පවසයි.

වසර හතරකට වඩා වැඩි කාලයක් මොහු එම ගල් ගුහාවේ ජීවත් වී ඇති අතර එහි දී වැඩි වශයෙන් කැලෑ පළතුරු අනුභව කරමින් ඔහු කල් ගෙවා තිබෙනවා.

මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි කාලයේ දී ඩෙවිඩ් යන අන්වර්ථ නාමයෙන් හදුන්වා ඇත.

ඔහු මඩකලපුව පළාතේ බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවත් අදාල තැනැත්තා මේ වන විට ඔහු සිහි මද ගතියකින් පෙළෙන බව ද වැඩිදුර ප්‍රකාශ කරයි.

මීට වසර කිහිපයකට පෙර මොහු නිවසින් අතුරුදහන් වීමෙන් පසුව ඔහුගේ ඥාතින් විසින් ඔහු පිළිබදව සොයා බලා ඇතත් ඔහු ගැන කිසිදු ආරංචියක් නොමැති තැන ඔහු සෙවීම අත්හැර දමා තිබෙයි.

මහ කැළයට ගිය පුද්ගලයෙකු ඔහුව දැක තොරතුරු හෙළි කිරීමෙන් පසුව කණ්ඩායමක් ඔහුව ගිලන් රථයක ආධාරයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

Related news

ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ

azhb

රාජ්‍ය තාන්ත්‍රිකයන් 41ක් වහාම ඉවත් කරගන්න

azhb

සංගා – ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස පත්වෙයි

azhb

ශ්‍රී ලංකා ආර්ථික නිදහස හයිටියටත් පහළින්

azhb

ඡන්දය කල් දැම්මාට මැතිවරණ කොමිසමට නොතීසි

azhb

වසර 200ක වහල්භාවය

azhb