මී ලග පොලිස්පති වශයෙන් තමාව පත් කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස් තොරතුරු ආවරණය කරන ඔහුට හිතවත් මාධ්‍යවේදීන් හට පවසා ඇත.
ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අතර මාර් තු 16 වෙනිදා විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එය ඊලග පොලිස්පතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් බවත් වාර් තා විය.
වත්මන් පොලිස්පති සී .ඩි . වික්‍රමරත්න මාර් තු 25 දින විශ්‍රාම යෑමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් ලබාදෙනවාද ? නව පොලිස්පතිවරයෙකු පත්පකරනවා ද ? යන්න පිළිබදව සාකච්ජාවක් සිදු වෙමින් පැවැතිණ.
පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්දයෙන් ක්‍රමවේදය වන්නේ ඒ සදහා සුදුසු පුද්ගලයන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට යොමු කිරීම හා එම සභාවඒ සදහා සුදුස පුද්ගලයෙකු අනුමත කර පත් කිරීම සදහා ජනාධිපතිවරයාට යැවිමය.
නව පොලිස්පති සම්බන්ධයෙන් වු ජනාධිපතිවරයාගේ නාම යෝජනා ලැබී ඇත්දැයි දැන ගැනීමට කතානයක මහින්ද යාපා අබේවර්ධන දුරකතනයට සම්බන්ද කර ගැනීමට උත්සහ කළ දඑය අසාර්ථක විය.
ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ වෙනස් උනේ කොහොම ද ?
දැනට සිටින අනුප්‍රාප්තිකයන් අතර සහකාර පොලිස් අධිකාරි කාලයේ සිට ජේයෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිට ඇත්තේ දේශබන්ධු තෙන්නකෝන්ය.
එහෙත් ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වීම් ලැබීමේදී තාක්ෂණික කරුණක් මත සිදු වූ ලකුණු කප්පාදුවකින් ජේයෂ්ඨතා ධූරාවලිය වෙනස් වී ඇතැයි වාර් තා වෙයි.
එම අවධියේදී තෙන්නකෝන්ගෙන් පසු පිළිවෙළින් ජේයෂ්ඨතා අනුපිළිවෙළෙහි සිට ඇත්තේ ලලිත් පතිනායක හා නිලන්ත ජයවර්ධනයි.
ජේයෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියදී පොලිස්පති ප්‍රශංසා දත්ත ඇතුළත් කිරීමේදී වූ තාක්ෂණික කරුණක් මත ලකුණු 4ක් කපා දැමීමෙන් තෙන්නකෝන්ගේ ස්ථානය වෙනස් වී තිබේ.
පොලිස්පති ප්‍රශංසා ලේඛනයට 230 බී පෝරමය වෙනුවට පැරැණි ආකෘතියෙන් දත්ත සැපයීම ඊට හේතුව බවයි වාර් තා වන්නේ.
ඉන්පසු ජේයෂ්ඨතා අනුපිළිවෙළ සකස් වී ඇත්තේ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක හා දේශබන්ධු තෙන්නකෝන් වශයෙන්.

එහෙත් ශ්‍රී ලංකා පොලිසියෙහි සිය සේවා කාලය තුළ බහුවිධ අංශවලින් දේශබන්ධු තෙන්නකෝන් පෙන්වා ඇති කුසලතා හා ඔහුගේ අත්දැකීම් ගැන මේ වනවිට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
වර්තමානයෙහි බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙන අංශයක්.
1998.02.23 දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන දේශබන්දු තෙන්නකෝන් 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා තිබේ.
අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඔහු 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලබන අතර, 2019.12.05 දින සිට මේ දක්වා වසර 03 කුත් මාස 03 කට අධික කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කරනු ලබයි.
වසර 25 ක සේවා අත්දැකීම් ඇති ඔහු තම සේවා කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රාජකාරි කර ඇති අතර, ඒ අනුව දකුණු පළාතේ ගාල්ල, මාතර/ උතුර පළාතේ වව්නියාව/ නැගෙනහිර පළාතේ කන්තලේ/ බස්නාහිර පළාතේ නුගේගොඩ සහ කැළණිය යන ප්‍රදේශයන්හි රාජකාරි කර තිබේ.
දේශබන්දුට ඇති චෝදනා මොනවා ද ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හිතවාදී පිරිස් ඉකුත් (2022) මැයි 09 දිනයේදී සැලසුම් සහගත ව ගාලු මුවදොර පිටියට එල්ල කළ මැර ප්‍රහාරය ඊට පෙර වළක්වා ගැනීමට පොලිසිය විසින් අනුගමනය කළ සියලු උපක්‍රම වළක්වා ඇත්තේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් බව චෝදනා එල්ල විය.
අනතුරුව ගැටුම සම්බන්ධව සිදුකරන විමර්ශන වලට බලපෑමක් නොවීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් බස්නාහිර පළාතේ රාජකාරි වලින් ඉවත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී දුනි.
මෙම සිද්ධිය වැලැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ලවී ඇති නිසා සිදුකරන විමර්ශන වලට බලපෑමක් ඇති නොවීමට මෙම පියවර ගන්නා ලෙස ද සඳහන් කෙරිණ.
අරගල සමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට (10) පසුවරුවේ බේරේවැව අසළදී පිරිසක් විසින් පහරදී තිබුණි.
ඒ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් හට ගෝඨාගෝගමට හා මයිනාගෝ ගමට ප්‍රහාර එල්ල කිරීමට කිසිදු බාධාවකින් තොරව අවස්ථාව ලබාදීම හේතුවෙන්.
ගාලුමුවදොර රැදී සිටි දේශබන්දු තෙන්නකොන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාලුමෝදර විරෝධතාකරුවන්ට පවසා සිටියේ පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් හට ගාලු මුවදොරට පැමිණීමට තමන් කිසිදු ආකාරයකින් අවස්ථාව නොදෙන බවයි.
ඒ සඳහා පොලිස් බාධක යොදවා ඔවුන් නවත්වා තබාගන්නා බවත් බිය නොවී ගෝඨාගෝගමේ සිටින ලෙසත්ය.
කෙසේ වෙතත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොහොට්ටුවේ මැරයන් හට කිසිදු බාධාවකින් තොරව අරගල භූමියට පැමිණීමට ඉඩලබාදී එය මෙහෙයවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තද සමග සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන් සමගම ගාලු මුවදොරට පැමිණියහ.
මේ අතර පාස්කු ප්‍රහාරය සමයේ ද ඔහු කොළඹ දිශාව භාරව සිටි අතර ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල කෙරිණ.