Info Sri Lanka News | www.infosrilanka.lk

 පාසැල් සිසුන්ට උපකාර කළැයි මාධ්‍යවේදි‍යෙකුට මරණ තර් ජන

දෙමළ ජනමාධ්‍යවේදියෙක් වන්නියේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට ඇතිවී තිබෙන අවහිරයක් සම්බන්ධයෙන් වාර් ථා කිරීම නිසා මෙවර මරණ තර්ජනයකට මුහුණ පා  සිටියි.

මුලතිව් මාධ්‍ය සමාජයේ ප්‍රධානියාද වන මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මාර් තු 16 වැනි බ්‍රහස්පතින්දා මාන්කුලම් පොලීසියට පැමිණිලි කර ඇති පරිදි මාන්කුලම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිසි ලෙස ප්‍රවාහන සේවා ලබා නොදීම සම්බන්ධයෙන් වාර් තා කිරීමෙන් දෙදිනකට පසු ඔහුට මරණ තර්ජනයක් කර තිබේ.

අසභ්‍ය ලෙස බැනවැද දුරකතනයෙන් මරණ තර්ජන එල්ල කිරීමේ හඩ පටය සහ තර්ජනය කළ පුද්ගලයාගේ දුරකථන අංකයත් පොලීසිය වෙත ලබා දී තිබේ.

ඒ – 9 මාර්ගයේ ප්‍රවාහන සේවා රැසක් තිබුණද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බොහෝ බස් රථ ප්‍රදේශයේ පාසල්  සිසුන් රැගෙන නොයන නිසා ඔවුන්ට කලට පාසල් යාමටත් පාසල නිමවී නිවෙස් බලා ඒමටත් නොහැකි වී ඇති ආකාරය මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබුණි.

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි  අධ්‍යාපන කලාපයට අයත් මාන්කුලම් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන පනික්කන්කුලම් හා කිලවන්කුලම් ප්‍රදේශයේ පාසල් සිසුන්  මාර්තු 13 වැනි දිනත් එවැනිම ප්‍රවාහන ගැටළුවකට මුහුණ දුන් අවස්ථාවේ සිසුන්ගේ දෙමාපියන් පොලීසියට කළ දැනුම්දීමකින් පසුව යාපනය සිට මඩකලපුව දක්වා ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක සිසුන් නංවා යැවිමට පොලීසිය මැදිහත් වී කටයුතු කර තිබුනි.

දුර ගමන් ධාවනයේ යෙදෙන බස් රථ වල කෙටි දුරක් ගමන් ගන්නා පාසල් සිසුන් රැගෙන යෑමට පවතින අපහසුතාවය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පවසන ආකාරය මාධ්‍යවේදීයා සිය කැමරා කාචයට හසුකරගෙන ඇත. තමන්ට දුරකථයෙන් මරණ තර්ජනය කළ පුද්ගලයා එම රියදුරු බවට සැකයක් පැවැතියත් ඒ බව නිශ්චිත ලෙසම තහවුරු කළ නොහැකි බව මාධ්‍යවේදියා පොලීසියට කළ පැමිනිල්ලේ සදහන්ය.

ඔහු යුද පීඩිත දෙමළ ජනයාගේ ප්‍රශ්න අනාවරණය කිරීම නිසා නිරන්තර අඩන්තේට්ටමට ලක්වූ මුල් පෙලේ මාධ්‍ය වේදියෙකි.

ප්‍රවෘත්තියේ සදහන් තොරතුරු පදනම්කරගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු කලාපයේ කළමනාකරු වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර පාසල් සිසුන් රැගෙන යන ලෙස බස් රථ වල රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට  නිසි ලෙස  උපදෙස් ලබා දෙන ලෙසයි.

පාසල් සිසුන් මුහුණ දුන්  ප්‍රවාහන ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් එදින ජනමාධ්‍ය ඔස්සේ සිදු කළ වාර්තාකරණය යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී අවධානයට ලක්ව තිබුනි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය සම්බන්ධිකාරක ටී. කනගරාජ්  මාර්තු 15 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාසල් සිසුන් මුහුණ දී සිටින ප්‍රවාහන ගැටළුව සම්බන්ධයෙන් පුවත්පත් වල වාර්තා කර තිබු  තොරතුරු සම්බන්ධයෙන් සිය කොමිසමේ අවධානය යොමු වු බවයි.

යුද පීඩිත උතුරේ සිදුවන අපරාධ සහ දුෂණ වංචා හෙළි කරන ජනමාධ්‍යවේදීන් හිරිහැරයට පත් කිරීම සඳහා සිදු කරන  ශාරීරික පහර දීම් වලට අමතරව මරණ තර්ජනද  ද එම පළාතේ මාධ්‍යවේදීන් පීඩාවට පත් කිරීමට හේතුවී තිබේ.

මල්ලාවියේ ඉන්ධන හිඟය පිළිබඳව වාර් තා කිරීමේ යෙදී සිටියදී ඔත්තු සේවා සාමාජිකයකු ලෙස සැකකෙරෙන අයකුගේ පහර දීමට ගිය  වසරේ ජුනියෙදී ලක්වූ  මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ෂන්මුගම් තවසීලන් මෙයින් දෙවසරකට ඉහතදී හොර ලී ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා කනපතිපිල්ලේ කුමනන් සමග දරුණු ප්‍රහාරයකට ගොදුරු වූවෙකි.  

Related news

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙනුත් ජවිපෙ විසි වෙයි

azhb

ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී

azhb

TNPF මන්ත්‍රී අත්අඩංගුවට ගැනීම නීති විරෝදියි

azhb

ප්‍රධාන තේ සමාගම් වතුකරයේ දුර්වල සේවා විමර්ශනයක

azhb

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසේ

azhb

රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ

azhb