Info Sri Lanka News | www.infosrilanka.lk

රට හැර යන plan international රඳවා ගැනීමට N.S.F.N.G.O උත්සාහයක

Plan International සංවිධානය ශ්‍රී ලංකාවෙන් සමුගැනීම සනිටුහන් කරමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් දිස්ත්‍රික්ක 4ක පාසල් දූ දරුවන් වෙනුවෙන් පෝෂණීය ආහාර මල්ලක් ලබාදීමේ වැඩසටහනක් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් ආරම්භ කර ඇති අතර එම වැඩසටහනේ සමාරම්භක උත්සවය ඉතා සරල අන්දමින් අනුරාධපුර, විලච්චිය සීවලී ප්‍රාථමික විද්‍යාලයේ දී ඊයෙ දින පැවැත්විණ.

මෙම උත්සව සභාවට වැඩම කළ පේමඩුව පුරාණ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් Plan International ආයතනය එම ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් සිදු කළ සේවාව කෘතඥතා පූර්වකව සිහිපත් කලේය.

එසේම, සීවිලි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් ඊට වැඩි යමක් එකතු කරමින් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස තම ප්‍රදේශයේ පාසල්හි සංවර්ධනය වෙනුවෙන් සිදු කළ සේවාව ඇගයීමට ලක් කෙරිණ.

The National Secretariat of Non-Governmental Organizations

රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න අවධාරණය කලේ රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදුකරන සේවාවන් අගය කරමින් රටේ දියුණුවට ඔවුන්ගේ සේවාවන් ධනාත්මක චින්තනයකින් යුතුව යොදා ගත යුතු බවයි.රටේ සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර, ජාතික, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක සියලු සංවිධාන සදහා පහසුවෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීමට අවශ්‍ය පසුබිම සහ පූර්ණ මැදිහත් වීම ලබාදීමට අවශ්‍ය කටයුතු දැනටමත් සැලසුම් කොට අවසන් බවත් විශේෂයෙන්ම විවිධ දුෂ්කරතා සහ බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැර වූ ජාත්‍යන්තර සංවිධාන රට තුළට ආකර්ශනය කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බවත් එබැවින් Plan International ආයතනය ද නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදීමට, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කල හැකි සියලු උත්සාහයන් දරන බවත්ය.

ඉතා සරල උත්සවයක් වුවත් නැටුම් ගැයුම් වලින් යුත් විචිත්‍රාංග රැසකින් වැඩසටහනට වර්ණවත් කොට තිබුණි.

දූ දරුවන්ගේ අගනා අතිවිශිෂ්ට කුසලතාවයන් පැමිණ සිටි සියලු ආරාධිතයන් ගේ සහ සහභාගී වන්නන්ගේ ඇගයීමට ලක් වීම සුවිශේෂී කාරණයක් විය.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න, Plan International ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත සුමුදු කන්නන්ගර, සහ එම ආයතනයේ ව්‍යාපෘති ගණකාධිකාරි සාලිය අලහකෝන්, අනුරාධපුර දිස්ත්‍රික් ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධීකරණ නිලධාරී එච් එම් අබේරත්න, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් මෙම වැඩසටහන සහභාගි විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුකූලව සතියකට ප්‍රමාණවත් වන පරිදි පෝෂණ ගුණයෙන් යුත් ආහාර මල්ලක් ශ්‍රී ලංකාවේ පාසල් දූදරුවන් 21350ක් අනුරාධපුර,මොණරාගල, මුලතිව් සහ අම්පාර යන දිස්ත්‍රික්ක 04 වෙත ලබාදීමට Plan International ආයතනය කටයුතු සැලසුම් කර තිබේ.

The National Secretariat of Non-Governmental Organizations

මෙම කටයුත්ත අධීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සිදුකරන අතර East and Young (E&Y) විගණන ආයතනය විසින් ස්වාධීන අධීක්ෂණයක් ද සිදු කරනු ලබයි.

Plan international ආයතනය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කටයුතු කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් පාසල් 62ක සියලු පාසල් දූ දරුවන් වෙත මෙම පෝෂණ මල්ල ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කර අවසන්.

ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සහ සම්බන්ධීකරණය උතුරු මැද පළාත් අධ්යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන අංශයත් සිදුකරනු ලබයි.

(මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා පෝෂණ) ප්‍රදීප් හේවාගමගේ විසින් ලබාදුන් සුවිශේෂි දායකත්වය විශේෂයෙන් සිහිපත් කරමි)

The National Secretariat of Non-Governmental Organizations

The National Secretariat of Non-Governmental Organizations

Related news

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙනුත් ජවිපෙ විසි වෙයි

azhb

ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී

azhb

TNPF මන්ත්‍රී අත්අඩංගුවට ගැනීම නීති විරෝදියි

azhb

ප්‍රධාන තේ සමාගම් වතුකරයේ දුර්වල සේවා විමර්ශනයක

azhb

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසේ

azhb

රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ

azhb