වාර් තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් කැනඩාවේ ජනගහනය පසුගිය වසරේ මිලියනයකින් ඉහළ ගොස් තිබේ.
එරට සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්තවලට අනුව පසුගිය වසරේදී එරට ජනගහනයට මිලියන 1.05ක් අලුතින් එක් වී ඇත.
එය සම්පුර්ණයෙන්ම වාගේ සංක්‍රමණිකයන් සහ තාවකාලික පදිංචිකරුවන්ගේ වැඩිවීමක් නිසා බව සංඛ්‍යාලේඛන කැනඩාව බදාදා ප්‍රකාශ කළේය.
ඉන් බහුතරයක් එනම් 96%ක් සංක්‍රමණිකයින්.
වසරක් තුළදී කැනඩාවේ ජනගහනය මිලියනයකට වැඩි ගණනකින් ඉහළ ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි.
ඒ අනුව රටේ ජනගහනය 38,516,138 සිට 39,566,248 දක්වා වැඩි වී තිබේ.
2023 ජනවාරි 1 දක්වා මාස දොළහ තුළ මුළු ජනගහනය මිලියන 1.05 කින් මිලියන 39.57 දක්වා වාර්තාගත ලෙස වර්ධනය වී ඇති අතර, 96% ක් පමණ ජාත්‍යන්තර සංක්‍රමණය හේතුවෙන් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන ඒජන්සිය පවසයි.
එය 1957 සිට කැනඩාවේ ඉහළම වාර්ෂික ජනගහන වර්ධන වේගය – 2.7% – සනිටුහන් කළේය.

ශ්‍රම හිඟය සමනය කිරීම සඳහා සංක්‍රමණිකයන් රටට බඳවා ගැනීමට රජය දරන ප්‍රයත්නයන් මෙම වැඩිවීමට දායක වූ බව කැනඩා සංඛ්‍යාලේඛන පවසයි.
ශ්‍රම හිඟය සමනය කිරීම සඳහා සංක්‍රමණිකයන් රටට බඳවා ගැනීමට රජය දරන ප්‍රයත්නයන් මෙම වැඩිවීමට දායක වී ඇති බව ද සංඛ්‍යාලේඛන දත්තවල ඇතුලත්.
මෙලෙස ස්ථිර සහ තාවකාලික සංක්‍රමණිකයන් සංඛ්‍යාවේ වැඩිවීම “නිවාස, යටිතල පහසුකම්, ප්‍රවාහනය සහ ජනගහනයට සේවා සැපයීම සම්බන්ධයෙන් රටේ සමහර ප්‍රදේශවලට අමතර අභියෝග විය හැකි බවද සඳහන්.
සංක්‍රමණිකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට අගමැති ජස්ටින් ටෘඩෝ උත්සාහ දරමින් සිටින අතර 2025 වසර වන විට වසරකට මිලියන භාගයක් සංක්‍රමණිකයන් පිළිගැනීමේ සැලැස්මක් ද කැනඩා රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කැනඩාව සෑම වසරකම ජනගහන වර්ධන වේගය 2.7%ක වැඩිවීමක් පවත්වා ගන්නේ නම්, එහි ජනගහනය වසර 26 කින් දෙගුණයක් වනු ඇතැයි එරට රජය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
(reuters.com)