ත්රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි නව පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදි සිදුකරනු ලබන ත්‍රස්තවාදි ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රීත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඩුවම් දීම හා නඩුපැවරීමට අදාල විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ තවත් අරමුණක් වන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමයි.
කෙසේ වෙතත්, එමගින් වෘත්තිය සමිති ක්‍රියාකාරකම් ගණනාවක් අභියෝගයට ලක්වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.
නව පනත් කෙටුම්පත පලකර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදියි.
ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදි සිදුකරනු ලබන ත්‍රස්තවාදි ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රීත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඩුවම් දීම හා නඩුපැවරීමට අදාල විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ත්රස්වාදය වැළැක්වීමේ පනත
ත්රස්වාදය වැළැක්වීමේ පනත 1979දී ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති ගෙන ආවෙත් එකල ත්රස්තවාදයක් තිබූ නිසා නොව වෘත්තිය අරගල හා ශිෂ්‍ය අරගල මර්දනයට යොදා ගන්නයි. යුද්ධයෙන් පසුව මෙය අහෝසි කළ යුතුයි කියලා අපි දිගින් දිගටම ඉල්ලා සිටියා. ඒ වගේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයත් මෙය අහෝසි කරන ලෙස දන්වා තිබුණා.
දැන් පැරණි පනත අහෝසි කරලා, අලූත් පනතක් ගෙනත්. ඒ අලූත් පනත මගින් ත්‍රස්තවාදී ක්‍රියා අර්ථ ගන්වා ඇති ආකාරය අනුව වෘත්තීය අරගලත් ත්‍රස්තවාදි ක්‍රියා ලෙස ගත හැකියි. කිසියම් තැන ඒක රාශිවීම, රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යාම මෙතෙක් තහනම් කරනවා කළ හැකිව තිබුණේ අධිකරණයට පමණයි. මේ පනතෙන් ඒ බලය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට පවරලා. කිසියම් සංවිධානයක් පවත්වන රැස්වීම් හෝ වෙනත් කාර්යයක් ත්‍රස්තවාදි කටයුත්තක් සේ සළකා එය තහනම් කරන්න, එම තහනම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන්නත්,දුරකථන සංවාද වලට හොරෙන් ඇහුම්කන්දීමට, ඒවා පටිගත කිරිමට පොලිසියට බලය පරාගන්නත්, මේ පනත අනුව හැකියාව ලැබෙනවා.
ඒ අනුව මේ පනත ත්‍රස්තවාදය වැළැක්විමට ගෙන ආවක් නොව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ආණ්ඩු විරෝධි බලවේග මර්දනය කිරීමට ගෙන ආවක්. මෙය හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකරන අතර පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් කිරිමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.
(ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් – 2018 ඔක්තෝබර් මස 25 – ලංකාදීප)
සන්නද්ධ හමුදා කැඳවයි
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නැවතත් සන්නද්ධ හමුදා කැඳවා තිබේ.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇත.