Next Step works beyond Galle Face

පැවති අර් බුධයන්ට විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණ මාලවක් ලෙස ඇරඹි ගාලූ මුවදොර අරගල පරිච්ඡේදයට වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (09) විද්වත් දේශන මාලාවක් පැවැත් විය.

ඒ කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී.

සහශ්‍රයේ පරම්පරාවන්ගේ ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික ඉදිරිය වෙනුවෙන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික කථිකාවක් නිර්මාණය කිරීමේ විද්වත් දේශන මාලාව පැවැත්විණ.

දුෂණ විරෝධය, සක්‍රීය පුරවැසි සහභාගීත්වය සහිත දේශපාලනය, දේශපාලනයේ තරුණ සහ කාන්තා ඉඩප්‍රස්ථා පුළුල් කිරීම මෙන්ම කිසිවෙකුත් කොන් නොකරන සැමට සමාන වරප්‍රසාද සහිත සමබිමක් ගොඩනැගීම වෙනුවෙන් වූ නව ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීම පිළිබඳව එහි දී සාකච්ඡා කෙරිණ.

එම අවස්ථාවට සහභාගී වූ විද්වතුන්ගේ අදහස වූයේ, සියලු දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය අනුලංඝනීය කොන්දේසියක් වන ආර්ථික ස්ථායීතාව සඳහා අත්‍යවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් කථිකාවක් සහ දේශපාලන ක්‍රමය තුළ දූෂිත අනුග්‍රාහක සේවාදායක සබඳතා මත ඉඩප්‍රස්ථා හිමිවන ක්‍රමවේදය වෙනුවට පක්ෂ ක්‍රමය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා ද තරුණ සහ කාන්තා ප්‍රතිපත්තීන් පක්ෂ තුළට හඳුන්වාදීම සඳහා ද බලකල යුතුව ඇති බවය.

Leave a Reply