A revolution is coming! biggest change is two poyaday away! 100 MPs are in the queue

සමගි ජනබලවේගය සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාදේශිය මන්ත්‍රීවරුන් රැසක් වත්මන් ආණ්ඩුවට එක්වීමේ කසුකුසුවක් සජබයේ පාර්ශවයෙන් වාර්තාවේ.

සජබ පක්ෂ ආරංචි මාර්ග පැවසුවේ අභ්‍යන්තරයේ පවතින නොවිසදුණු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

infosrilanka.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පක්ෂයේ ජේෂ්ඨයින් පිරිසක් සදහන් කලේ විපක්ෂ නායකවරයාට රටේ ඉදිරි නායකත්වයක් සම්බන්ධයෙන් පැහැදිලි අරමුණක් නැති බවයි.

එවැනි තත්ත්වයක් තුල පක්ෂයේ රැදී සිටීම තුලින් මන්ත්‍රීවරුන්ගේ ජනතා ප්‍රසාදය පවා මේ වන විට වියැකී ගොස් ඇකි බවයි.

මෙම තත්ත්වට බලපෑ තවත් කරුණු නම් විපක්ෂ නායකවරයාගේ –

චාරයක් නැති කට, තේරුමක් නැති වැඩ, රාජකීය උෂ්ණත්වයේ ක්‍රියාකලාපය, කේළාම් අසා ඇදගැනීම, බලය ඉලක්ක කරගනිමින් දේශපාලනය නොකිරීම සහ ජලනි ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය

යැයි ජේෂ්ඨයෙකු සදහන් කලේය.

මම හරීන්ගේ පක්ෂය සමඟයි

තමන් සජබ පක්‍ෂයේ නොසිටි බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් කියා සිටියේ තම ඉදිරි දේශපාලන ගමන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමග බවයි.

ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“මම මේ පක්‍ෂයේවත් ඒ පක්‍ෂයේවත් නැහැ. මම හරීන්ගේ පක්ෂය සමඟයි. මම ඔහු සමඟ ඉදිරි මැතිවරණයකට තරග කරනවා.”

මන්ත්‍රීවරයා පැවසීය.

පී.හැරිසන්ගේ සහයත් රනිල්ට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධානි හිටපු අමාත්‍ය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබේ.

හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා රටට අනාගතයක් නිර්මාණය කළ බැවින් ඔහුට සහය දැක්වීමට තීරණය කළ බවයි.

“දේශපාලනඥයෙකුට ප්‍රසිද්ධියේ ඇවිත් රැස්වීමක් තියන්න බැරි කාලයක් තිබුණා නමුත් වික්‍රමසිංහ සියල්ල වෙනස් කර ස්ථාවරභාවයක් ඇති කළා,”

“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්.

ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 100ක් එක්ක තව සති දෙකකින් ඔබ තුමාලාගේ මධ්‍යට මම එන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජනබලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක සාකච්ඡා.”

ඔහු පැවසීය.

ඔවුන් අතර ජ්‍යේෂ්ඨයන් 20ක් පමණ නුදුරේදීම ජනාධිපතිවරයා සමඟ එක්වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජිතත් පිම්මකට සූදානම්

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සැමරුම් උත්සවයට ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ උත්සවයට ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය සජබ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න ද සහභාගී විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ..

රාජිත සේනාරත්න රජයට එක්වන බවට කතාබහක් පවතින පසුබිමක ඔහු මෙලෙස රජයේ උත්සවයකට සහභාගී වීම කාගේත් අවධානයට ලක්වන කරුණක්.

ප්‍රසිද්ධියේ තම අදහස දැක්වූ සජබ සාමාජිකයන්ට අමතරව මයන්ත, ෆොන්සේකා, එරාන්, දිගම්බරම් සහ ගම්පහ ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් රැසක් ද ආණ්ඩුවට එක්වීමේ සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද සදහන්.

ජනපති අද තීරණාත්මක සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් අද (15) සවස 5.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු සහ දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 05ක්.

මේ අතර ඉදියේදී මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමග ඔවුන් නියෝජනය කරන ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් ඇතැයි වාර්තාවේ.

Leave a Reply