fbpx
Jerome makes another controversial statement, apologizing to the nation

ජෙරොම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා ආගමික සංහිදියාව බිද දැමීමට කටයුතු කර ඇතැයි සර්වාගමික  නායකයෝ  ඔහුට එරෙහිව දැනටමත් යුද ප්‍රකාශ කර තිබේ . ඊට ආසන්නතම හේතුව බුදුන් වහන්සේ , ජේසුස් වහන්සේට , අල්ලා සහ ශීව දෙවියන් යන ආගමික ශාස්තෲන්ට අපහාස කළා යැයි ඔවුන් ප්‍රනාන්දුට චෝදනා කරති. ඊනියා ආගමික සංහිදියාවට මුවා වි සර්වාගමික නායකයෝ ප්‍රනාන්දු දඩුකදේ ගැසීමට සැර සෙති .

ලංකාවේ ආගමික සංහිදියාව යනු ඇල්ලේ ගුණවංශට  අනුව අපේ ඔළුවට උඩින් කාක්කන් පියැඹුවාට කමක් නැහැ. හැබැයි ඔළුවේ කූඩු හදන්න එන්න එපා . අපේ මෛත්‍රී කම නිවට කමක් ලෙස සලකනත් එපා යැයි ඔහු සියලුම ආගමික නායකයන් ඉදිරියේ තබාගෙන ප්‍රනාන්දු සංසිද්ධියට මුවා වි අනතුරු ඇගවුයේය .  

ආගමික සිංහිදියාව කියන්නේ මෙබදු බෞද්ධ චන්ඩින්ගේ තර්ජන වලට යටත් විමකි . දේවගැති ප්‍රනාන්දුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අවි අමෝරා ගත් සර්වාගමික නායකයෝ ඇල්ලේ ගුණවංශගේ තර්ජනය සම්බන්ධයෙන් අන්ද කලිප්පු කාලා වගේ හැසිරෙන්නේ අභියෝග කරන්නට යැමෙන් වරිගය නසා ගන්නට වෙතැයි  බියෙනි .

ජාතික ප්‍රශ්නයෙදී මහ ජාතිය සිංහල වන අතර ආගම් අතර ප්‍රධාන ආගම බෞද්ධාගමය ‍. සිංහල ධනපති පන්තිය ජාති , ආගම් භේදයෙන් තොරව  ශ්‍රමය සුරා කෑව ද  කම්කරු පන්තිය  තමන්ට අභියෝග කරන විට ඔවුන්ව ජාති , ආගම්, කුල ,ලිංගික සහ වෙනත් රේඛා ඔස්සේ භේද බින්න කිරිමට පාලකයෝ පසු බට නොවෙති .

අප ජිවත් වන සමාජය පංති වලින් ඉරිතැලි ගිය ධනේශ්වර සමාජයකි. පුද්ගලික දේපල (ප්‍රාග්ධනය)  සහ ලාභය මත එම සමාජය පදනම් වේ. ධනේශ්වර සමාජය ඇති විමත් සමග ඝණ වු සියල්ල වාතය බවට පත් කළා සේ වැඩවසම් සමාජයේ පැවති අනුරක්තතා හැගීම් ගණන් බැලිම නැමැති  අයිස් වතුරේ ගිල්ලා දැමුවා සේ  ආගම ද පාලක පන්තියේ උපකරණයක් බවට පත් කර ගත්තේය .

වැඩවසම් සමාජය තුළ සමාජ ගෞරවයට පාත්‍ර වු පුජකයා ,විද්‍යා කටයුතු වල නිරත වන්නා , ගුරුවරයා සහ වෛද්‍යවරයා සහ වෙනත් වෘත්තීන් වල නියැලී සිටි පිරිස් වටා ගොඩනැගී තිබු ප්‍රභා මණ්ඩලය ප්‍රග්ධනය විසින් සුනුවිසුනු කර දමා ඔවුන්ව වැටුප් ශ්‍රමිකයන් බවට පත් කරන ලද බව කාල් මාක්ස් විසින් 1847 රචිත කොමියුනිස් ප්‍රකාශනයේ සදහන් කර ඇත.

ප්‍රාග්ධනයට උඩින් හෝ බැහැරව හෝ බලපෑමකින් තොරව කිසිදු ප්‍රපංචයකට හෝ සංකල්පයකට පැවැතිය නොහැක . පෘථීවි ගෝලයේ ජිවත් වන කුරා කුඹීයාගේ සිට මානවයා දක්වා පැවැත්ම තීන්දු කරන්නේ ප්‍රාග්ධනය විසිනි . ප්‍රාග්ධන ආධිපත්‍ය බිදදමා පන්ති සහ සුරා කෑම අහෝසී කර සමාජ සමානතාවය අත්කර දිය හැක්කේ ජේසුස්ට හෝ බුදු දහමට හෝ ශීවන්ට හෝ වෙනත් ආගමකට හෝ නොව කම්කරු පන්තියටම පමණයි . ආගම සෑම විටම සමාජ සමානතාව අත්කර ගැනීම වැළකුවා පමනක් නොව පාලක පන්තිය අවියක් විය.

 බෞද්ධ නායකයෝ සැම විටම උත්සුක වන්නේ තමන්ගේ අණසක යට‌ෙත් අන්‍ය ආගමික නායකයන් පවත්වා ගැනීම මිස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිදහසව කටයුතු කරන්නට ඔවුන්ට අයිතියක් නැත . ඒ සදහා  ඊනියා ජාතික සමගිය සදහා වන අන්තරාගමික සංවිධාන වලට ඔවුන් බැද තබයි . විශේෂයෙන් මෙතැන දී ආගමික ශාස්තෲන් විවේචනය කිරිමටත් වඩා ප්‍රශ්නය වි ඇත්තේ බෞද්ධ ආධිපත්‍යයට සහ අනෙකුත් ආගම් වල ඊනියා නායකයන් නොතකා කටයුතු කිරිම නිසා දේවගැති ප්‍රනාන්දු ඔවුන්ගේ පරම හතුරා බවට පත්ව තිබේ .

ජේසුස් ක්‍රිස්තුස්ව කුරුසයේ ඇණ ගසා මරා දමන්නේ ,එවකට රෝමයේ සිටි පුජක පැලැන්තිය පාලකයන් සමග එකතු වි ජනතාව මත බදුබර පටවමින් ,පීඩාවට පත් කරමින් ගෙන ගිය කෲර පාලනයට එරෙහි ජනතාව පැත්තේ සිට ගත් නිසාය . නමුත් දේවගැති ප්‍රනාන්දුගේ සංසිද්ධිය ඊට වඩා හාත්පසින් වෙනත් සන්දර්භයක සිදු වන්නකි .

  පාලකයන්, ඉහළ ධනකුවේරයන් සහ මධ්‍යම පාන්තිකයන් තමන්ගේ පැත්තේ තබා රදවා තබා ගැනීම සදහා දෙවියන් වහන්සේ උත්කර්ෂයට නන්වමින් අනෙකුත් ආගම් වල ආදරය සහ ආලෝකය නැතැයි දේවගැතිවරයා තමන්ගේ ආගමික දෘෂ්ටිවාදය මත පදනම්ව විවේචනයක් ඉදිරිපත් කරයි .

දේවගැතිවරයගේ විවේචනය අල්ලා ගත් ඇල්ලේ ගුණවංශ , ගලබොඩ අත්තේ ඥාණසාර වැනි සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් ඊනියා සර්වාගමික නායකයන් ද පටලවාගෙන ආගමික ශාස්තෲන්ට අපහාස කර ඇතැයි රට තුළ ආන්දෝලයක් ඇති කළහ . එල්ලෙන්නට වැලක් නැතිව නන්නත්තාරව සිටි බොදු බල සේනා සහ රාවණා බලකාය දේවගැතිවරයාගේ එල්ලී  ගත්තේය .

දේවගැතිවරයාගේ ප්‍රකාශය සමග කුලප්පු වු ෆැෂිස්ට් බෞද්ධ නඩ පිනවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රනාන්දු ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් කර තමන් වෙත වාර්තාවක් ලබා දෙන්නැයි ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය .

වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට දේවගැතිවරයා සිදු කළා යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයන්නට නියෝග කිරීමෙන් සිදු වුයෙය් ආගමික අන්තවාදී නඩ වලට සුජාත භාවයක් ලබා දීම වගේම ඇවිලෙන ගින්නට පෙට්ට්‍රල් ඉසීමකි .

වික්‍රමසිංහ දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන නොදන්නවාටත් වඩා ඔහු මාන බලන්නේ ආණ්ඩුවට එරෙහිව දවසින් දවස වර්ධනය මහජන අරගලය ආගමික කා කොටා ගැනීම් අවුලවා වෙනතකට හැරවීමටය.  

දෙමළ ජනයාට එරෙහිව මෙරට අවුරුදු 30 ක ලේ වැකි යුද්ධයක් සිංහල පාලක පන්තිය විසින් ගෙන ගියේය . එම යුද්ධය පැවති සමයේ  “වැඩ වර්ජන නොකරන්නැයි” ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කම්කරුවන්ට ගොරනාඩු කළේය . කම්කරුවන් වැඩ වර්ජන වලට අවතිරණ වුවහොත් කඩාකප්පල් වේ යැයි ජවිපෙ බිය වු නිසාය .

ප්‍රනාන්දු  මෙරට පාලකයින් ,ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයින් , ව්‍යාපාරකයින් අතර මෙන්ම මෙරට සිංහල බෞද්ධ සහ අනෙකුත් ආගම් අදහන ඉහල මධ්‍යම පාන්තිකයින් අතර පළල් සහයෝගයක් දිනාගත් දේවගැතිවරයකි . මෙයද විශේෂයෙන් සිංහල බෞද්ධ හික්ෂුන්ට දිර වුයේ නැත .

දේවගැතිවරය ප්‍රකාශය අපහාසයක් ද ? දාර්ශනික කතිකාවක් ද ?

ක්‍රිස්තියානිකම ඉස්ලාමීයකමෙන් වෙනස් වන්නේ.

ඔබට බැහැ අල්ලාට පියා කියලා කතා කරන්න . අල්ලාට නම් 99 ක් තියෙනවා නමුත් ප්‍රේමය කියලා නමක් ඒ තුළ නැතැයි ඔහු පවසයි .

ක්‍රිස්තියානිකමෙන් බෞද්ධ කම වෙනස් වන්නේ

අනුන්ට කළ දේ තමන්ට පල දේ කියලා තමයි බෞද්ධයෝ හිතන්නේ. එක ඇත්ත යම් කිසි දේයක් කළොත් එක පල දෙනවා . එක සමාන්‍ය දෙයක්.  ‌ෙබෟද්ධයෝ බුදුන්ගෙන් ආදරය ගැන ආහන්නේ නැහැ . බුදු දහම කතා කරන්නේ අලෝකමත් වීම ගැන .අලෝකමත් වීමට නම් ආලෝකය අවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා . බුදුන් කියන තේරුම ආලෝකමත් තැනැත්තා කියන එක . මොකක් ද වඩා උතුම් ආලෝකමත් වීම ද ආලෝකය ද . ජේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝක කියලයි .ජේසුස් වහන්සේ කිව්වේ නැහැ මම ආලෝකමත් තැනැත්තා කියලා .ජේසුස් වහන්සේ ආවේ වෙනත් තරංගයකින් .ජේසුස් වහන්සේ කිව්වේ මම ආලෝකය කියලා .බුදුන් සෙව්වේ ආලෝකයයි . ඇත්තට බුදුන් සෙව්වේ ජේසුස් වහන්සේ බව දේවගැතිවරයා තමන්ගේ මතය ප්‍රකාශ කරනවා .

මේ තැන තියෙන්නේ අපහාසයක් නොව දාර්ශනික කතාවකි .  බුදුන්ව ජේසුස් වහන්සේ බුදුන්ව සොයාගෙන ආ බව බෞද්ධයන්ට ද ප්‍රකාශ කළ හැකිය . එසේ ප්‍රකාශ කළ පමණින් එය සත්‍යයක්ද? ඇල්ලේ ගුණවංශලා , ගලබොඩ අත්තේ ඥාණසාරලා උත්සහ කරන්නේ පිළිතුරු දෙනවා වෙනුවට චන්ඩිකමින් අන්‍ය ආගමික මත යටපත් කර දැමීමටය .

ලෝක පරිමානව වගේම ලංකාව ඇතුලේත් ධනපති පන්තියට කම්කරු පීඩිත මහජනයාගේ සමාජ මුලික ආර්ථික ප්‍රශ්න සහ සමාජ මුලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසදීමට අපෙහොසත් තතු යටතේ මෘග (ATA) අණ පනත් ගෙන එමින් මහජන අරගලය පොඩිපට්ටම් කර දැමිමට වික්‍රමසිංහලා කැසකවන මොහෙතක ගුණවංශලාගේ සහ ඥාණසාරලාගේ ආගම් විරෝධ හුදු ආගම් විරෝධයක් පමණක් ලෙස සැලකිය නොහැකිය .

“ක්‍රිස්තියානිකමෙන් හින්දුකම වෙස් වන්නේ

හින්දු අය ගොඩක් සමීපයි සුභරාංචියට .‌ෙබෟද්ධ අයත් සුභරාංචියට සමීපයි . මුස්ලිම් අය සුභරාංචියට ඉතා සමීපයි.ඒ නිසයි මේ වගේ දේශන අවශ්‍ය වෙන්නේ ඔවුන්ට ඊ ලග පියවරට යෑමට . හින්දු අය ගොඩක් සතුන්ට ගෞරව කරනවා . ඊට හේතුව තමා හින්දු අය ගොඩක් සත්‍යයෙන් ඇත්වයි ඉන්නේ . අලියෙකු වන්නා වු දෙවියෙක් ඉන්නේ,අත් විස්සක් පමණ තියෙන දෙවියෙක් ඉන්නෙත් ඒ නිසයි .ක්‍රිස්තියානි අයගෙන් හින්දු  අය වෙනස් වන යාථාර්ථය තමා ආගාභය. ආගාභය කියන්නේ ප්‍රේමය .ඹබ කරන දේ ඇත්ත වෙන්න පුළුවන් නමුත් ඊට වඩා ගැඹුරු යාථාර්ථයක් තියෙනවා .

       “කිසි දින කිවෙකුට පීඩා කරන්න එපා .තව කෙනෙකුගේ ඇදහිල්ලට හෝ විශ්වාසට  අගෞරව කරන්න එපා.”

        බයිබලයේ තියේනවා ඔබට සන්නිවේදනය කරන්න පුළුවන් ආගාභය කියන තරංගය මත පමණයි කියලා . දේවියන් වහන්සේ මවපු සෑම දේයකම උන්වහන්සේ කෙටසක් ඒ තුළ තැබුවා .ඒ නිසයි ඔබ කැලයට ගියාහම ඔබ දේවියන් වහන්සේට සමීපයි වගේ දැනෙන්නේ ” යනු වෙන් දේවගැතිවරයා තමන්ගේ දෘෂ්ටිවාදය  අන්අය මත මුදාහරීන්නේය .

        දේවගැතිවරයා බයිබලය මත පදනම්ව බුදු දහමට,හින්දු ආගමට පමණක් නොව කතෝලික ස්වාමීවරුන්ට ද එකසේ අභියෝග කර ඇත. අභියෝගය භාර ගන්නවා වෙනුවට ඔහුව කුරුසේ තබා ඇණ ගසන්නයි ඊනියා සර්වාගමික නායකයෝ මාධ්‍ය හමු තබා පාලකයන්ගෙන් ඉල්ලති .

        දේවගැතිවරයා ආගම් වලට අපහාස කර ඇතැයි ඔප්පු කර ගත නොහැකි තැන ඔහුට ලැබෙන මුදල් ආධාර පිළිබදිව සහ දේවගැතිවරයාගේ දේපල ගැන සොයන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට බඩගාන හාදයන්ගේ  රූපරාමු ධනපති මාධ්‍ය මහජනයා හමුවේ තබයි .

       කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක යැයි කියා ගන්නා සිරිල් ගාමිණි පියනම මාධ්‍ය හමුවක් තබා ජෙරොම් ප්‍රනාන්දු නැමැති පුද්ගලයා කතෝලික සභාවට හෝ කතෝලික පර්ෂදයකට හෝ අයත් නැති බවත් ඔහුගේ ප්‍රකාශ කතෝලික සභවේ ප්‍රකාශ හැටියට නොගන්නැයි කියා දේවගැතිවරයා මර්දනයට ඇද දමයි .

         පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ මෙරට පවුල් රෙජීමයක අවශ්‍යතා සදහා හමුදා බුද්ධී අංශ මෙහෙවිමෙන් බව ප්‍රකාශ කිරීම නිසා ගාමිණී පියනම අත්අඩංගුවට පවා ගන්නට උත්සහයක් පෑවැතිණ . එම ධනපති ආරක්ෂක අංශ වලින්ම දේවගැතිවරයා මර්දනය කරන්නැයි ඉල්ලන තැන වැටුණේ අහම්භයකින් නොවෙයි.  මංජු වෙඩිවර්ධන නැමති සාහිත්‍ය නිර්මාණකරුවා විසින් රචිත “ මේරිනම් මරියා “ කවිපොත තහනම් කරන්නැයි අධිකරණයට ගියේ සිරිල් ගාමිණී පියනම විසිනි . පසු එම පොත තහනම් කරන ලදී .

        සිරිල් ගාමිණි ද ඇල්ලේ ගුණවංශලා , ගලබොඩ අත්තේ ඥාණසාරලා බදු ජාතියේ හාදයෙකි .

         ධනපති අධිකරණය ඒ තහංචි දැමුවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසටය . සේපාල අමරසිංහ දළදාවට “ලබ්බ “ කියා අපහාස කළා යැයි සීසීපීආර් පනත යටතේ බන්ධනාගාර ගත කරන ලදී . පසුව ඔහු සමාව ඉල්ලා නිදහස් විය . කෙටි කතාකරුවෙකු හා කවියෙකු වන සත්තක සත්කුමාර සහ කවියෙකු වන අනාෆ් ජාසීම් එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදි . මේ සෑම ප්‍රහාරයක්ම ඉලක්කය භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය වළ දැමීමයි . දේවගැති ජෙරොම් ප්‍රකාශය උලුප්පා පෙන්වා පාලකයන් උත්සහ කරන්නේ මුළු සමාජයේම භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට තහංචි පැනවීමටය .

කම්කරු පන්තිය ප්‍රමුඛ මහජනය පාලක පන්තියේ මේ වැනි කුමන්ත්‍රණ පරාජය කිරීම සදහා පෙරමුණ ගත යුතුය .

දේවගැති ජෙරොම්ව දේවියන් වහන්සේ බේරා ගන්නේ නැත . මන්ද දේවි කෙනෙක් නැති බැවින්ය . ඔහුටද සේපාල අමරසිංහට මෙන් සමාව ගන්නට සිදු වුවහොත් එය පුදුම විය යුතු ද නැත.

තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිදවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්.

නමුත් එදින තමා කළ ප්‍රකාශය සත්‍යයක් බව ඔහු අද යළි අවධාරණය කළේය.

“මම නැවතත් නිවසට එනවා.  දැන් අපේ නීතීඥවරුන් මට නැවත එන්න අවශ්‍ය පසුබිම සකසන්න වැඩ කරමින් ඉන්නවා. මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසිම ආකාරයකින් වරදක් කරලා නැහැ. කිසිම වැරදි දෙයක් කරලා නැති වුණත් මට තාමත් මගේ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි. මගේ වචන නිසා කිසියම් ආකාරයකින් ඔබගේ හැගිම්වලට රිදවීමක් සිදුවූවානම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම නිහතමානීව සමාව ඉල්ලනවා. කෙසේ වුවත් මගේ මේ සමාව ගැනීම සත්‍යය දේශනා කිරීම වෙනුවෙන් නෙමෙයි. මගේ මේ කනගාටුව හැගීම් වශයෙන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙනුයි.”

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි.

ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබේ.

එසේම ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක් තුළ කටුනායක පිහිටි මිරැකල් ඩෝම් සම්මේලන මධ්‍යස්ථානයේ අද (21) ආගමික දේශනයක් පැවැත්වෙන බවට ඔහු මීට පෙර සිය සමාජ මාධ්‍යවල සටහනක් පළකර තිබුණි.

කෙසේ වෙතත් ඔහු එම රැස්වීම අවලංගු කර තිබූ අතර, ඉන් අනතුරුවයි එය දෙහිවල පැවැත්වෙන බවට සටහනක් තබා තිබුණේ.

එහෙත් එයද අවලංගු කර, පසුව අදාළ ආගමික දේශනය මිරිහාන ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

එහිදී ආගමික දේශනයට දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටියේය.

එහිදී ඔහු කියා සිටියේ තමන් අනිවාර්යයෙන්ම මෙරටට පැමිණෙන බවත් ඊට අදාළව තම නීතිඥවරුන් ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවයි.

Leave a Reply