Info Sri Lanka News | www.infosrilanka.lk

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසේ

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ මස 31 වැනිදායින් පසු ගුවන් විදුලි සංස්ථාවේ දැඩි ලෙස පාඩු ලබන සියලු‍ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා අදාල සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලීකා සමග ඒකාබද්ධව පවත්වාගෙනයාමට එම සංස්ථාව තීරණය කොට ඇත.

ඒ අනුව සියලු‍ම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මේ මස 31 වැනිදා සිට අදාල සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලීකා සමග ඒකාබද්ධ කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම සංස්ථාවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සේවා/සංවර්ධන) සහ සියලු‍ ගුවන් විදුලි ප්‍රාදේශීය සේවා සහකාර අධ්‍යක්ෂවරුන් සහ පාලකවරුන්වෙත චක්‍රලේකයක් මගින් දැනුම් දී තිබේ.

මේ අනුව ගුවන් විදුලි සංස්ථාවේ සියලු‍ ප්‍රාදේශීය සේවා එදිනෙන් අවසන් වනු ඇත.

මේ අතර රුහුණ, රජරට සහ කඳුරට යන ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සිංහල ස්ව⁣දේශිය සේවය සමඟත් යාපනය ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය සහ එෆ්.එම් සේවය දෙමළ ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධව කරන ලෙසටත් එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

Related news

ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ

azhb

රාජ්‍ය තාන්ත්‍රිකයන් 41ක් වහාම ඉවත් කරගන්න

azhb

සංගා – ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස පත්වෙයි

azhb

ශ්‍රී ලංකා ආර්ථික නිදහස හයිටියටත් පහළින්

azhb

ඡන්දය කල් දැම්මාට මැතිවරණ කොමිසමට නොතීසි

azhb

වසර 200ක වහල්භාවය

azhb