ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයින් තෝරාගැනීමේ ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී කණ්ඩායම් පරාජය වී තිබේ.
එම සභාව සදහා කණ්ඩායම් 08ක් තේරී පත්වන අතර එහි පළමු පෙල ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ නියෝජනය කරන පිරිස පත්ව ඇත.
එහි දෙවන පෙල ලෙස තේරී පත්ව ඇත්තේ වෛද්‍ය දර්ශන සිරිසේනගේ නියෝජනයයි.
දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සදහා පත්ව ඇති කණ්ඩායම් වෛද්‍ය අධ්‍යාපනය තුළ පෞද්ගලික අංශයට ඉඩ දියයුතු බවට ධනාත්මක අදහස් දරන්නන් බවටයි වාර්තා වන්නේ.
එම කණ්ඩායම් ඔවුන් විසින් පෙර පැවති දරදඩු ප්‍රතිපත්තිවලින් බැහැරව ප්‍රගතිශීලී අදහස් ඇතිව කටයුතු කරන බවට ද වාර්තාවෙයි.
මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන නියෝජන කරන කණ්ඩායම ද පරාජය වීම ද විශේෂත්වයක්.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 12 (1 Xcl) වගන්තිය යටතේ සභාවට සාමාජිකයින් තෝරා ගැනීම සදහා වෛද්‍ය ආඥාපනතේ 29 වැනි වගන්තිය යටතේ වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සදහා තේරී පත්වූ කණ්ඩායම් පහත පරිදි වේ.
