චීන විදේශ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති “stories of cpc” වැඩසටහනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වරුණ රාජපක්ෂ සහභාගී විය .
වියට්නාමය, පාකිස්තානය , දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 18ක දේශපාලන පක්ෂ 20ක නියෝජිතයන් මේ සඳහා එක්ව තිබිණ.
එහිදී වැඩසටහන ආමන්ත්‍රණය කරමින් වරුණ රාජපක්ෂ සදහන් කලේ සිටියේ , “ශ්‍රී ලංකාව මීට වසරකට පෙර ඉතිහාසයේ පෙර නොවූවිරූ අර්බුදයකට ලක්වූ බවත්, ඒ මොහොතේ ගෑස්, විදුලිය සහ බෙහෙත් නොමැතිව ජනතාව පාරට පැමිනි බවත්, හිටපු ජනාධිපතිවරයාට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ බවත්ය.
එහිදී චීනයේ අසහාය දේශපාලන නායක මාවෝ සේතුං ගේ උදෘතයක් ද උපුටා දක්වමින් වරුණ රාජපක්ෂ සඳහන් කර සිටියේ “අහසයට සියල්ල අවුලක , එහෙත් අපූරු දවසක් යනුවෙන් වරක් ප්‍රකාශ කර ඇති බවත් , ඉන් ඔහු අදහස් කලේ සියල්ල අර්බුදයට ලක්වූ විට සියල්ලන්ට වෙනසකට එකගවීමට සිදුවන බැවින් එය නව ආරම්භයකට ඉතාම සුදුසු මොහොත බව” පවසමින්ය.
ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාද දුෂ්කරම අවස්ථාවේ ඉදිරිපත්ව රට අර්බුදයෙන් ගොඩ ගැනීමට ඉදිරිපත්වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
එම අභියෝගාත්මක අවස්ථාවේ චීන රජය සහ චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රීලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරනයට ඉදිරිපත්වී ලබාදුන් සහයෝගය ජනාධිපතිවරයාගේ වෑයමට අතිමහත් පිටුවහලක්වූ බවත් ඔහු පැවසීය.
ඉදිරි දින කිහිපය තුල පැවැත්වෙන සමාජමාධ්‍ය වල දත්ත අනාරක්ෂිත භාවය සහ ඒවායේ ඒකාධිකාරය වෙනුවට විකල්ප සහයෝගීතාවයක් ගොඩනැගීමේ සංවාදයේදී පසුගිය අර්බුද සමය තුල ශ්‍රීලංකාවේ සමාජ මාධ්‍ය භාවිතයා පිළිබඳ තමන්ට ඇති අත්දැකීම් සෙසු සාමාජිකයන් සමග බෙදා ගැනීමට සූදානම් බවද පැවසීය.
හරිත බලශක්තිය පිලිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සහ චීනයේ නව ආර්ථික වැඩසටහන් පිලිබද වැඩමුලුවකටද වරුණ රාජපක්ෂ සහභාගීවීමට නියමිතය.