Info Sri Lanka News | www.infosrilanka.lk

නෙළුම් මාවත කාර්යාලයට ඉබි යතුරු දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකාවක් වූ එම පක්ෂ මුලස්ථානයේ කාන්තා සංවිධාන කාර්යාලය භාරව කටයුතු කල ජේෂ්ඨ නිලධාරිණිය ඉන් ඉවත් වී තිබෙන බව නෙලුම් මාවත පක්ෂ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඇය කාර්යාලයේ සිදු කරන කටයුතු ගැන සැක සහිත යැයි පවසා පසුගිය සතියේ දිනයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ගොස් අදාළ නිලධාරිනියගේ කාර්යාල කාමරය සහ සියලු ලිපි ගොනු ඔවුන් සන්තකයට ගෙන ඇති බවද වාර්තාවේ.

“මම මේකේ තොරතුරු කාටවත් දෙන්නේ නෑ,මම කොහෙවත් යන්නෙත් නෑ,යනවනම් මම කියල යන්නේ“

යැයි ඇය පවසා ඇති අතර ඒ අවස්ථාවේ සිදුවූ බහින් බස් වීමක් දුර දිග ගොස් ඇය නැවත නොපැමිණෙන බව පවසා නෙලුම් මාවත කාර්යාලයෙන් පිටව ගොස් ඇත.

එම නිසා මේ වන විට නෙලුම් මාවත කාර්යාලයේ කාන්තා සංවිධාන කාර්යාලයට ඉබි යතුරු දමා ඇති බවද වාර්තා වේ.

Related news

ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසිරෙව්වේ චන්ද්‍රිකා නිසාද ?

azhb

හිටපු ඇමති නසීර් කෝටි 20ක වාහන ගෙදර අරන් ගිහින්

azhb

අමාත්‍යධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කරයි

azhb

2022දී දුම්රිය වාර 10,077ක්ම ධාවනය කර නැහැ

azhb

ජනසභා මන්දො කරන්න වන්නිල ඇත්තන්ගේ සහය

azhb

මාවීරර් වෙනුවෙන් කැප වූ ස්මාරකය යාපනයේදී විවෘත කෙරේ

azhb