Info Sri Lanka News | www.infosrilanka.lk

අහෝ වේදනාව ! මේ රට හැදෙයි ද ?

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත කිරි නිෂ්පාදනයෙන් විශිෂ්ටතම කලාපයක් වන අතර මෙම කිරි ගොවීන් ශ්‍රී ලංකා ආර්ථිකයට වාර්ෂිකව විශාල ආදායමක් ලබා දෙයි.

විශේෂයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ මායිම් ප්‍රදේශයේ දෙමළ කිරි ගොවීන් මයිලතමඩු ප්‍රදේශයෙන් දිනකට කිරි ලීටර් දොළොස් දහසක් නිෂ්පාදනය කරයි. එය සාමාන්‍යයෙන් මසකට කිරි ලීටර් ලක්ෂ තුනකි.

ඔවුන්ගේ ගව පාලනය එම ප්‍රදේශයේ පාරම්පරික ව්‍යාපාරයක් අතර ඔවුහු තම ජීවනෝපාය සඳහා තම මුතුන් මිත්තන් කළ ව්‍යාපාරයම කරගෙන යමින් තම ආදායමෙන් ප්‍රදේශය සහ මුළු රටම සරු කරති.

එහෙත් අද ඒ මිනිසුන්ගේ ජීවනෝපාය අඩාල වෙන්න පටන් ගෙන ඇත. මාධවනයේ ගොවීන් තම ගවයන් තනන තණබිම් ආක්‍රමණය කර පදිංචි කිරීමට ජාතිවාදී ආක්‍රමණිකයෝ රජයේ අනුග්‍රහය ඇතිව උත්සාහ දරති.

මෙම ආක්‍රමණ ප්‍රයත්නයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා යුද හමුදාව, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධ යහම්පත්ගේ සහාය ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ද්‍රවිඩ ගොවීන්ට තණබිම්වලින් ඉවත් කරන බවට විවිධ තර්ජන එල්ල වෙමින් පවතී. මේ වන විට ගොවීන්ගේ ගවයින් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කර ඇත. ගොවීන් රැසකට මරණ තර්ජන එල්ල වී ඇත.

මෙම සිද්ධීන් පිළිබඳව පොලිසියට පැමිණිලි කළද ප්‍රතිඵලයක් නොවීය. මෙම වාඩිලෑමේ උත්සාහය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර මේ වන විටත් අධිකරණය නියෝග කර ඇත්තේ සියලු නීතිවිරෝධී වාඩිලාගැනීම් නතර කරන ලෙසයි.

නමුත් උසාවි තීන්දුව නොතකා ගොවීන්ගේ තණබිම් සිංහල පදිංචිකරුවන් විසින් ගිනිතබා විනාශ කරමින්, ආක්‍රමණය කරමින්, හේන් තනමින්, වන විනාශ කරමින් සිටිති.

අවාසනාවකට කිසිදු සහයෝගයක් නොමැති දෙමළ ගොවීන් සෑම ආකාරයකින්ම සටන් කළ නමුත් සාර්ථක නොවීම ඔවුන් දින 16 ක් චිතණ්ඩි ප්‍රදේශයේ මාර්ගයේ කූඩාරමක් ගසා තම ජීවනෝපාය ආරක්ෂා කර ගැනීමට සහ වාඩිලෑම නවත්වන ලෙස හඬ නඟයි.

“ඇයි කියලා මේ වෙනකන් කවුරුත් ඇහුවේ නැහැ”

ගොවීන් චෝදනා කරති.

අද මයිලත්ත මඩු මාධවන ප්‍රදේශය ආක්‍රමණය කිරීමේ අරමුණ වී ඇත්තේ දෙමළ ඉඩම් විනාශ කර එම භූමිය අල්ලාගෙන සැකසෙන්නේ ස්වෝත්තමවාදී මානසිකත්වයයි.

Related news

ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසිරෙව්වේ චන්ද්‍රිකා නිසාද ?

azhb

හිටපු ඇමති නසීර් කෝටි 20ක වාහන ගෙදර අරන් ගිහින්

azhb

අමාත්‍යධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කරයි

azhb

2022දී දුම්රිය වාර 10,077ක්ම ධාවනය කර නැහැ

azhb

ජනසභා මන්දො කරන්න වන්නිල ඇත්තන්ගේ සහය

azhb

මාවීරර් වෙනුවෙන් කැප වූ ස්මාරකය යාපනයේදී විවෘත කෙරේ

azhb