Info Sri Lanka News | www.infosrilanka.lk

ඡන්දය කල් දැම්මාට මැතිවරණ කොමිසමට නොතීසි

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළා.

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ඔවුන්ව නම්කර තිබෙනවා.

විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවේ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන අයගේ සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Related news

ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසිරෙව්වේ චන්ද්‍රිකා නිසාද ?

azhb

හිටපු ඇමති නසීර් කෝටි 20ක වාහන ගෙදර අරන් ගිහින්

azhb

අමාත්‍යධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කරයි

azhb

2022දී දුම්රිය වාර 10,077ක්ම ධාවනය කර නැහැ

azhb

ජනසභා මන්දො කරන්න වන්නිල ඇත්තන්ගේ සහය

azhb

මාවීරර් වෙනුවෙන් කැප වූ ස්මාරකය යාපනයේදී විවෘත කෙරේ

azhb