ඇමරිකානු ජනාධිපති Jo Biden ගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමරිකානු සංචාරයකට එක් ව ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇත.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (10) මේ බව නිවේදනය කළා ය.
මීට සමගාමීව, ෂී ජින් පිං APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද සහභාගි වනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා ය.