fbpx
Reverend Paravahera Chandaratana Thera, Chief Sanghanayake of France

පිටිදූවේ සිරිධම්ම නම් භික්ෂුවට විරුද්ධව වෙනත් ආගමක් සමඟ සම්බන්ධ බවට ප්‍රචාර පවතින බවත්, ඒ පිළිබඳව විවිධ දේ ආරංචි වූ නිසා, එම භික්ෂුව තම ශිෂ්‍යභාවයෙන් ඉවත් කළ බවත් පැරිස් අන්තර්ජාතික බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘ මෙන්ම ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියෝ පවසති.

එලෙස ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ පිටිදූවේ සිරිධම්ම හිමියන් සිදුකරන දේ සම්බන්ධයෙන් බොහෝදෙනා තමන්වහන්සේට දොස්කීම බව ද උන්වහන්සේ පවසති.

පිටිදූවේ සිරිධම්ම හිමි සම්බන්ධව මේ වනවිට බොහෝදෙනා තමන් වහන්සේගෙන් විමසන බැවින් ජනමාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් තමන් මෙම අනාවරණය සිදුකරන බවද පරවාහැර චන්දරතන හිමියෝ සඳහන් කරති.

එහිදී උන්වහන්සේ මෙසේද පවසති.

”ඒ කාලේ සිරිදම්ම ස්වාමින්වහන්සේ ඉතාමත්ම තර්කානුකූලව ධර්ම දේශනා කළ කෙනෙක්. ඒ ධර්මදේශනා අහපු අය උන්වහන්සේව ප්‍රංශයට ගෙන්නන්න කියලා මට ආරාධනා කළා. අපි අඳුරන දායක දෙපළක් තමයි ඒ සඳහා මූලික කටයුතු සිදුකළේ. නැත්නම් මම උන්වහන්සේ අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. උන්වහන්සේ ප්‍රංශයට ඇවිල්ලා ධර්මදේශනා කිහිපයක් සිද්දකළා. ලංකාවට ගියාට පස්සේ මට නිතරම කතා කරලා මගෙන් ඉල්ලා සිටියා මට නායක හාමුදුරුවන්ගේ ගෝලයෙක් වෙන්න පුලුවන්ද කියලා.

ඉතින් මම ලංකාවට ගිය වෙලාවක උන්වහන්සේ නැවතත් මේ ඉල්ලීම මගෙන් කළාම මම මහනායක හාමුදුරුවන්ගෙන් අහලා උන්වහන්සේට උත්තරයක් දුන්න. මහනායක හාමුදුරුවෝ කියපු ආකාරයට නැවත පැවිදි කරලා මල්වතු මහාවිහාරයට එක්කගෙන එන්න කියලා. මල්වතු මහාවිහාරයේදී මහනායක හාමුදුරුවෝ උන්වහන්සේට උපසම්පදාව ලබාදුන්නා. ඉතින් ඒ විදියට තමයි උන්වහන්සේ මගේ ශිෂයෙක් හැටියට පත්වුනේ. ඉන්පසු විවිධ අවස්ථාවල උන්වහන්සේට ලංවුණාම උන්වහන්සේ කවුද කියන එක අදුනගන්නට ලැබුණේ.

උන්වහන්සේ වාසය කළ බෙල්ලන්තර සදහම් ආශ්‍රමය පිහිටි ස්ථානයේ පැරණි ජයතිලක වලව්ව විමලජෝති හිමි මිලයට අරගෙන තිබුණ තැනක්. පිටිදූවේ සිරිධම්ම හිමියන්ට ආගමික කටයුතු කරන්න, ධර්මදේශනා පවත්වන්නට ඒ ස්ථානය කුලියට ලබාදීලා තිබුණා. ඉන්පසු එය මිලදී ගැනීමට ක්‍රමයක් සකස් කරලා දුන්නා මාසිකව ලක්ෂ 200ක මුදලක් වශයෙන්. ඒක හරියට ගෙවාගන්න බැරිවුණ නිසා මගෙන් උදව් ඉල්ලුවා. ඒක පෞද්ගලිකවයි ඉල්ලුවේ නමුත් මම කිව්වා පෞද්ගලිකව දෙන්න එපා සඟ සතු ඔප්පුවක් හැටියට ලියන්න කියලා.

මිනුවන්ගොඩ අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය පාලනය කරන්න හරියට කෙනෙක් නොසිටි නිසා මගේ ශිෂයෙක් හැටියට උන්වහන්සේට එම ආයතනයේ වැඩබලන්න බාරදුන්නා. නමුත් උන්වහන්සේ බෝධිපූජා සඳහා දායකයන්ගෙන් රුපියල් 1000ක් පමණ අය කරන්න කටයුතු කළා. මම කිව්වා ඒවා මෙහෙ කරන්න බෑ මෙහෙ දුප්පත් මිනිස්සු ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා පොඩි පොඩි ප්‍රශ්න ඇතිවුණා.

උන්වහන්සේ බුදුවෙලා, රහත්වෙලා කියලා අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තේ තමන්ගේ හිත තුළ තියෙන ආකල්පයක් ඉෂ්ඨ සිද්ද කර ගන්න. බුදු රජාණන් වහන්සේ පහත්කොට සළකා තමනුත් ඒ තත්ත්වයේ සිටිනවා කියලා ලෝකයට පෙන්නන්න තමයි උන්වහන්සේ උත්සහ කරන්නේ.”

පිවිසෙන්න >>> https://fb.watch/oiS0GEkj5e/

Leave a Reply