fbpx
Nazir Ahmed accused of using super luxury vehicles of the government!

හිටපු ඇමති නසීර් කෝටි 20ක වාහන ගෙදර අරන් ගිහින්

HotLocal

මහාධිකරණ තීන්දුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සකු වූ නසීර් අහමඩ් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථ දෙකක් ආපසු ලබා නොදී සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබේ.

කෝටි 20ක් වටිනා මෙම වාහන දෙක ඇමතිවරයාට රජයෙන් ලබාදුන් නිල වාහන වේ.

මෙම වාහන දෙක භාර නොදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් කිහිප වතාවක්ම තමන්ව දැනුවත් කළද එම වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙන බව ඔහු පිළිතුරු දුන්නේය.

කෙසේ වෙතත් මෙම වාහන මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply