Dallas-G.L. Namal kapukame to nip it in the bud again

2005 ඉඳලාම රාජපක්ෂවරු එක්ක දේශපාලනය කරපු ඩලස් අලහප්පෙරුම 2020ත් පාර්ලිමේන්තුවට ආවෙත් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලලා. එහෙම ආපු ඩලස් රටපුරා නිර්මාණය වුණ රාජපක්ෂ විරෝධය උත්සන්න වෙන කාලයේ ඩලස් ගාලා පොහොට්ටුවෙන් අයින්වෙලා ස්වාධීන වුණා මතක ඇතිනේ. එයත් එක්ක එදා ජී.එල්., ඩිලාන්, චරිත, ගොඩහේවා වගේ සෙට් එකකුත් ස්වාධීන වුණා.

කොහොම හරි පහුගිය කාලය පුරාම මේ සෙට් එක තම තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් විවිධාකර පාරවල්වල ඇවිද්දා. එකක්වත් හරිගිය බවක් නම් පේන්න තිබුණේ නෑ, ඩලස් ජනාධිපතිකමටත් ඉල්ලුවා හරි ගියේ නෑ. සජබෙ නියෝජ්‍ය නායකකමක් අරගන්න ට්‍රයි කළා – සජබෙ සෙට් එක ඒ්කට විරෝධය දක්වපු නිසා ඒ හීනයත් සුන් වුණා. නිදහස ජනතා සභාවක් හදාගත්තා, විමල්ලා එක්ක සෙට් වෙලා හෙළිකොප්ටයක් අටවා ගත්තා . මේ එක පාරකින්වත් වැඩක් වුණේ නැති තැන. ජීඑල්ලා, නාලකලා සජිත් දෙන දෙයක් අරගෙන සජබෙට හේත්තු වුණා.

ඒ අතරේ තවත් පිරිසක් ආණ්ඩු පාර්ශවයත් එක්ක රෑට රෑට සාකච්ඡා කරන්නත් පටන් අරන් කියලා තමයි ආරංචිය.

තමන්ගේ ටීම් එකේ එක්කෙනා දෙන්නා තමන්ව අතහැරලා යන නිසා ඩලස් බැලුවේ පරණ යාලුකම් අලුත්කරගෙන මාලිමාට සෙට් වෙන්න. ඒ වැඩේට දැන් අවුරුද්දක විතර තිස්සේ තැන් තැන්වල පොඩි පොඩි සතුටු සාමීචි පවත්වලත් තියෙනවා. වැඩේ කෝර්ඩිනේට් කරලා තියෙන්නේ ඩිලාන් පෙරේරාගේ හිටපු මාධ්‍ය ‌ලේකම් වුණු සිසිර යාපා. එයත් ඩලස්ගෙ පරණ යාලුවෙක්. මේ වැඩේට බරදාලා මැදිහත් වෙලා තියෙන්නෙ, ජේවීපී එකේ ලාල් කාන්ත. දෙතුන් වතාවක් අනුරත් සාකච්ඡා කළා කියලා තමයි ආරංචිය. ඒ වෙලාවෙ ඩලස් හිටියෙ කන්ඩායමක් එක්ක.

ජේවීපී එකේ ලොක්කෝ යාළුවෝ නිසා සෙට් වෙලා කතා බහ කලාට, මාලිමාවේ සෙට් එක ඩලස්ලා මාලිමාවට එනවට දැඩි විරෝධයක් දක්වලා තිබුණා. මතකනේ හරිනි එකසැරයක් කියලා තිබුණා , ‘ජනතාව ප්‍රතික්ෂේප කරපු අයත් එක්ක අපේ සාකච්ඡාවක් නෑ ‘ කියලා. ‍‍

ඒ හරිනිලාගේ විරෝධය මොකවුණුත් දැන් ඩලස් තනියම, තනිවුන ඩලස් අරන් තනතුරක් දීලා තියාගන්න එකෙන් මාලිමාවට වැඩක් නෑ , ඒ නිසා ජේවීපී සහෝදරවරු ඩලස් ගන්නෙ නැතුව ඉන්න තීරණය කරලා . කොහොම හරි අන්තිමට ඩලස්ට මාලිමාවේ දොරත් වැහුණා. දැන් ඩලස් ලෙවුකේ මැතිදු වගේ අද තනියම වෙල මැද්දේ…

ඩලස් අලහප්පෙරුම හා මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරුන් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඩලස් අලහප්පෙරුම් සහ ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරු සිටිය යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යැයිද ඔවුන් සමඟ කිසිදු පෞද්ගලික අමනාපයක් තමාට නැතැයිද රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දේශපාලන වශයෙන් තරුණයකුට පරිණත වීමට හොඳම වටපිටාවක් දැන් සෑදී ඇති බවද නාමල් මන්ත්‍රීවරයා පවසයි.

මෙම මාසය අවසන් වීමට පෙර ග්‍රාමීය වශයෙන් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවද සමාජ මාධ්‍ය නියාමන පනත පිළිබඳව මේ වනවිට පක්ෂයක් ලෙස සාකච්ඡා කරමින් යන බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර ඇත.

Leave a Reply