ඉන්දීය ජනප්රිය ගායක හරිහරන් සහභාගී වූ සංගීත ප්රසංගයක් ඊයේ (09) යාපනය – මුට්රවේලී ප්රදේශයේ දී සංවිධාන කර තිබුණා.
ඊට ඉන්දිය නළු නිළියන් වන තමන්නා, රම්බා, යෝගි බාබු, ස්වේතා මේනන්, බාලා, සැන්ඩි මාස්ටර් ඇතුළු පිරිස සහභාගී වූ බව සඳහන්.
මෙම ප්රසංගය මීට පෙර දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමටයි සංවිධායකයින් කටයුතු කළේ.
ප්රථමයෙන් මෙම ප්රසසංගය නොමිලේ පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත් අනතුරුව රුපියල් 25,000, 7,000 සහ 3,000 ලෙස ප්රවේශ පත්ර අලෙවි කළ අතර සිටගෙන ප්රසංගය නොමිලේ නැරඹීය හැකි බවට දැනුම් දී තිබූ බව සඳහන්.
එමෙන් ම මෙම ප්රසංගය සඳහා සහභාගී වන නළුනිළියන් සමඟ ආහාර ගැනීමට සහ ඡායාරූප ගැනීමට රුපියල් 30,000ක් අය කිරීමටයි සංවිධායකයන් කටයුතු කළේ.
මෙවැනි පසුබිමක ඊයේ මෙම සංගීත ප්රසංගය පැවැති අතර ඊට පැමිණි සිටි රසිකයන් පිට්ටනිය බෙදා තිබූ බාධාක කඩා දමමින් ඉදිරියට පැමිණි බව සඳහන්.
එහි දී රසිකයින්ගේ අශෝබන හැසිරීම සහ කලහකාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂාව සඳහා පැමිණි සිටි පොලිස් නිලධාරින් විසින් ඔවුන් පාලනය කිරීම සදහා පහර දුන් බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
ඉන් අනතුරුව මෙම ප්රසංගය නතර කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබුණා.