ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල වසා නොදමන බව එහි විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
රජය මැදිහත්විය යුත්තේ අධ්‍යාපනයේ ප්‍රමිතිය මැන බැලීමට පමණක් බවද අධ්‍යාපනයෙන් ලබාගත නොහැකි පිරිස සොයාබැලීම රජයේ රජයේ වගකීමක් ලෙස සලකන බවද ඔහු කියා සිටියි.
තම දියණිය පුද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බවත් ඇය මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගැන්වීම් කටයුතුවල ද නිරත වන බවත් ඔහු පවසයි.
කිසිවෙකුට ආර්ථික තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු කළ නොහැකිනම් ඊට රජය මැදිහත් විය යුතු වුවත් අධ්‍යාපනයට ආර්ථිකය බාධාවක් නොවන පුද්ගලයන්ට රජය මැදිහත්වීමක් අනවශ්‍ය බවද ඔහු තවදුරටත් කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
අමුල් සමාගම හා එක්ව මෙරට කිරි කර්මාන්තය දියුණු කරනවානම් අප ඊට එකගයි..
මේ අතර ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කරගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු කිරීමට කිසිවකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට එකඟතාවය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමිනි.
“ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කර ගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු තත්ත්වයට පත් කරන්න කවුරු හෝ උත්සාහ කරනවා නම් ඒකට අපි එකඟයි. අමුල් සමාගම කියන්නේ ඉන්දියාවේ කිරි ගොවියන් එක්ව හදාගත් ව්‍යාපාරික සංවිධානයක්. ඒ සංවිධානයේ අත්දැකීම් පළපුරුද්ද අපේ ගොවියන් සමග බෙදා හදා ගැනීම හොඳ දෙයක්.
මොකද අමුල් සමාගම ගොවීන් එකතුව ගොඩ නගාගෙන ජාත්‍යන්තර තලයට ගෙනාවේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න අපේ කිරි ගොවියන්ට අවස්ථාවක් ලැබෙනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දීය රජයේ ආරාධනාවකට එරටට ගිහින් මේ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා.
විදෙස් මැදිහත්වීම් නොමැතිව අපිට හැමදේම කරගන්න පුළුවන් කියන මතයක අපි නෑ. නමුත් ඉන්දියාවේ අමුල් සමාගමට වුණත් අපේ රටේ සම්පත් විකුණනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ. මේ වන විට අපේ රටේ කිරි සැකැසුම් මධ්‍යස්ථාන පහක් තියෙනවා. දිගන, අඹේවෙල, කොළඹ, පොළොන්නරුව හා බඩල්ගම ඒ කර්මාන්තශාලා පහ පිහිටුවලා තියෙන්නේ.
මීට අමතරව දිවයින පුරා කිරි එකතු කරන මධ්‍යස්ථාන අනූහතක් මිල්කෝ ආයතනය යටතේ තිබෙනවා. ඒ අතරේ ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ කිරි ගොවිපොළවල් තිස් දෙකක් තිබෙනවා. ඊට අක්කර 28802ක් අයිතියි. මේ සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි. මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ. නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමග ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි”