රනිල් බලන්න ගිය හිටපු ඇමති ගාමිණි අභාවප්‍රාප්ත වෙයි!

HotLocal

හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

ඒ මහතා මිය යන විට වයස අවුරුදු අසූ තුනක් විය.

ගාමිණී ජයවික්‍රම පෙරේරා ගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා කුරුණෑගල ඔහුගේ නිවසට ද ගොස් ඇත.

1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකි. කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ලදි.

2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, ඩ2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්, 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්, 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් රටට ඉමහත් සේවයක් ඉටුකළ ඔහුව අදටත් ජනතාව සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන් සහ හද පිරි ගෞරවයෙනි.

අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඒ මහතාගේ නිවසේ තැම්පත් කිරීමට නියමිතය.

පවුලේ ඥාතීන් සදහන් කළේ අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

Leave a Reply